TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

අතීත මතක සැමරුම් මැද ලෝඩ්ස් පිටියේදී

දමින්ද විජේසූරිය Views 4862 12 June 2016 19:39

‘සමුගෙන යන්නෙමු’ යි කොතෙකුත් කීවද සමුගෙන යාම සැබවින්ම අසීරුය.

කී‍්‍රඩාව සමග පෙම් බැඳ ගත්තෝ කී‍්‍රඩා කිරීමෙන් සමුගන්නා නමුත් නිබඳවම කී‍්‍රඩාව ඇතසුරේ රැඳී සිටිති. ඇතැමෙක් පුහුණුකරුවකු ලෙස නැවතත් කී‍්‍රඩා පිටියට පිවිසෙන අතර තවත් අයෙක් විස්තර විචාරකයකු සේ නැතහොත් තේරීම් කමිටු නිලධාරියකු සේ කී‍්‍රඩා පිටියට පිවසෙයි.

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් තරගය පැවැති ලෝඞ්ස් කී‍්‍රඩාංගණය ඊයේ (11 වැනිදා) ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ හිටපු දැවැන්ත කී‍්‍රඩකයන්ගේ එකතුවක් විය.

1984 ලෝඞ්ස් ටෙස්ට් තරගය ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී සහභාගි වූ පළමු ටෙස්ට් තරගය මෙන්ම එය අරවින්ද ද සිල්වාගේ මංගල ටෙස්ට් තරගයද විය. අරවින්දට එම තරගයේදී ලබාගත හැකිවූයේ ලකුණු 16 කි. එහෙත් අරවින්ද ටෙස්ට් නායකයකු වශයෙන් දොරට වඩින්නේ 1991 ලෝඞ්ස් ටෙස්ට් තරගයේදීය.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අති විශිෂ්ට දස්කම් දැක්වූ එම තරගයේදී ශී‍්‍ර ලංකා පිල මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 491 ක් ලබාගන්නා අතර සිදත් වෙත්තමුණි ලකුණු 190 ක් ලබාගනිමින් එවකට ශී‍්‍ර ලංකා ටෙස්ට් පිතිකරුවකු ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව හිමිකරගත්තේය. අර්ජුන රණතුංග මෙම තරගයේදී ලකුණු 84 ක් ලබාගත්තේය.

රංජිත් ප‍්‍රනාන්දු, කුමාර් සංගක්කාර, සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා, අර්ජුන රණතුංග සහ සිදත් වෙත්තමුණි යන ශී‍්‍ර ලංකා පිලේ හිටපු කී‍්‍රඩකයන් ලෝඩ්ස් කී‍්‍රඩාංගණයේදී ඊයේ (සෙනසුරාදා) ඡායාරූපයකට පෙනී සිටි අයුරු...

සනත් ජයසූරිය ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් තරග දෙකකට සහභාගි වී ඇතත් ලබාගෙන ඇත්තේ ලකුණු 95 ක් පමණි. වසර දෙකකට ඉහතදී ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගය කි‍්‍රකට් කී‍්‍රඩාවේ මහගෙදරදී තමන් සහභාගිවන සිය අවසන් ටෙස්ට් තරගය බව දත් කුමාර් සංගක්කාර එම තරගයේදී ලකුණු 147 ක් ලබාගත්තේය.

1975 ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කඩුලූ රකින්නා වූ රංජිත් ප‍්‍රනාන්දු මහතා එම තරගාවලියේදී තරග 3 කට  කී‍්‍රඩා කර ඇතත් ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී කී‍්‍රඩා කර නොතිබිණ.


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.