TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ලෝක වාර්තාව ගැන ලාරා බයවෙලා හිටියා

සැකසුම - මොහාන් ප්‍රනාන්දු Views 9743 13 June 2016 15:03

වසර 2005 දී දකුණු අප‍්‍රිකාවට එරෙහිව කි‍්‍රස් ගේල් ලකුණු 317ක් රැස් කළ මොහොතේ බ‍්‍රයන් ලාරා වරින් වර ලකුණු පුවරුව දෙස බලමින් ඔහු තමාගේ ලෝක වාර්තාව අභියසට සමීප වේවිදැයි කනස්සල්ලෙන් පසුවූ බව කි‍්‍රස් ගේල්ගේ ස්වයං චරිතාපදානයෙන් අනාවරණය වෙයි.

‘සමහර කී‍්‍රඩකයන් වාර්තා ගැන සැලකිලිමත් වෙනවා. එදා තරගයේ දී ලාරා ලකුණු 4කට දැවීයාමෙන් පසුව කී‍්‍රඩකයන්ගේ විවේකාගාරයට වී පොතක් කියවමිනුයි සිටියේ. අතරින් පතර ඔහු බැල්කනියට ගිහින් ලකුණු පුවරුව බලන්න ගත්තා.

අනතුරුව යළි විවේකාගාරයට වැදුණා. සර්වාන් (රාම්නරේෂ්) ඔහු දිහා ඇහැ ගහගෙනයි හිටියේ. මොකද ඔහු පුදුම වෙලයි හිටියේ, බ‍්‍රයන් පිටතට ඇවිත් සැරින් සැරේ මගේ ලකුණු සංඛ්‍යාව පරික්ෂා කරලා මම එයාගේ වාර්තාවට ළංවෙන බව පෙනෙද්දී ඔහුගේ මුහුණ එන්න එන්නම කළු වුණා.‘

‘සික්ස් මැෂින්- අයි ඩෝන්ට් ලයික් කි‍්‍රකට්...අයි ලව් ඉට්‘ ලෙසින් නම් කරන ලද ස්වයං චරිතාපදාන කෘතියෙන් කි‍්‍රස් ගේල් හෙළිදරවු කළේය.

‘මම දිවා ආහාරයටත්, පස්සේ හවස තේ බොන්නත් විවේකාගාරයට ආවම ඔහු මට කිසිම දෙයක් කිව්වෙ නෑ. අඩුම තරමින් උපදේශයක්වත්..දිගටම වැඬේ කරගෙන යන්න කියලවත්....කණ්ඩායම වෙනුවෙන් ඒක කරන්න කියලවත්...කිසිම දෙයක් කිව්වෙ නෑ. මම ආපහු පිටියට ගියාම බ‍්‍රයන් නැවත වතාවක් ඇතුළට ගිහින් පොත කියවන ගමන් සැරින් සැරේ කණගාටුවෙන් ලකුණු පුවරුව බලන්න පටන් ගත්තා.‘

එදා තරගයේ දී ගේල් ලකුණු 317කට දැවී ගියේ ඊට පෙර වසරේ දී එංගලන්තයට එරෙහිව ලාරා නොදැවී රැුස් කළ විස්මිත ලකුණු 400 වෙත යන අතරවාරයේදීය.

අනතුරුව 2010 වසරේ දී ගේල් නැවත වතාවක් ති‍්‍රත්ව ශතකයක් කරා ගියේ ශී‍්‍ර ලංකාවට එරෙහිව ලකුණු 333ක් වාර්තා කරමිනි.

ගේල් කියන්නේ කි‍්‍රකට් කී‍්‍රඩාව ගැන කිසිම හැ`ගීමක් නැති උද්දච්ඡ අයකු ලෙස පේ‍්‍රක්ෂකයන් තමා ගැන සිතන බවකි.

‘බාගවිට එයාලා මා ගැන වරදවා වටහා ගෙනයි ඉන්නේ. ඒ මං පිත්ත හසුරුවන විදිහ නිසා වෙන්න ඇති. මම සෑහෙන පහරවල් ගහනවනේ. එහෙමත් නැතිනම් මම දැවීයන විදිහ නිසා වෙන්න ඇති. බොහෝවිට එයාලා හිතනවා ඇති මම ඒ ගැන එච්චර සැලකිලිමත් වෙන්නේ නෑ කියලා. සමහරවිට ටී.වී.එකේ එහෙම වෙන්න ඇති පේන්නේ. මම මගේම පහරවල් ගහලා දැවි යනවා. මම ලකුණු 40ට විතර දැවී යද්දිත් සමහර අය කියනවා මම ලකුණු 5කට විතර දැවීයන කී‍්‍රඩකයෙක් වගේ කී‍්‍රඩාව ගැන සැලකිලිමත් වෙන්නෙ නෑ කියලා.‘

ගේල් සිය ස්වයං චරිතාපදානය ලියා ඇත්තේ ටොම් ෆෝඩයිස්ගේ ද සහාය ඇතිවය. පෙන්ගුයින් රැන්ඩම් හවුස් මගින් ප‍්‍රකාශයට පත්කර ඇති මේ පොතෙන් කාන්තාවන් සමග ඇතිකරගත් ආරවුල් ගැනත් සඳහන් කිරීමටත් ගේල් අමතක කර නැත.

‘ගැහැනු එක්ක තමයි ඒ වගේ ආරාවුල් ඇතිවෙන්නේ. කෙල්ලො මට ආදරෙයි මමත් කෙල්ලන්ට ආදරෙයි. මම උණුසුම් කොල්ලෙක්. උද්ධච්ඡ..? අපෝ නෑ. අපි මෙහෙම තමයි ජැමෙයිකාවේ හැසිරෙන්නේ. විවෘතයි අවංකයි. බොරු වැඩ නෑ. කොහොමටත් කෙල්ලොත් එක්ක නම් මම හරි සීරියස්.‘ ඔහු කියයි.

ඇගේ හැප්පෙන්න...මාව ස්පර්ශ කරන්න ඕන තරම් ගැහැනු බලාගෙන ඉන්නවා.‘
‘හයේ පහරේ මැෂිම මමයි. විස්සයි20 වැඩිම හයේ පහර සංඛ්‍යාව ගැසීමේ වාර්තාවට දෙවතාවක්ම උරුමකම් කිව්වා. ඉහළම ලකුණු සංඛ්‍යාව..ඉහළම සාමාන්‍යය ගණන...වැඩිම මුළු ලකුණු සංඛ්‍යාව.. ලාරාට වඩා අන්තර් ජාතික එක්දින ශතක සංඛ්‍යාවක්...බොතම්ට වඩා ටෙස්ට් තරග සංඛ්‍යාවක්...ක්ලයිව් ලොයිඞ්ට වඩා ටෙස්ට් උඩපන්දු සංඛ්‍යාවක්...මම හැමදාම පී‍්‍රතිමත්. ඒ වගේම මම මිනිස්සුන්වත් පී‍්‍රතියෙන් කුල්මත් කරනවා. මොකද මම කි‍්‍රකට් කී‍්‍රඩකයෙක්.  කි‍්‍රකට් කී‍්‍රඩකයෙක් හැටියට මගේ ශක්තිය පිටිය මැදදී තමයි එළියට එන්නේ. මට පිත්ත හරියට හසුරුවන්න බැරිවුණොත්..එහෙනම් දෙන්න පන්දුව...‘

මම කතා කරන විදිහට එයාලා ඉස්සරහට එන විදිහට කෙල්ලෝ ආකර්ශනය වෙනවා. කාන්තාවන් කැමතියි එයාලා ගැන හොඳ කියනවට. ඒක මම වේලසනින්ම ඉගෙන ගත්තු දෙයක්. ඒ උණාට පිරිමි හිතන්නේ පිරිමි විදිහටම තමයි. එහෙම නෙවෙයි ‘බබා ඔයාට කාර් එකක්  ඕනෙද..?‘ අන්න එහෙමයි  ඕවා පුංචි පුංචි දේවල්...ගැහැනියෙක් විදිහට හිතන්න. එයාලාට උපදෙස් දෙන්න.‘
‘එයාලට ඇහුම්කන් දෙන්න. පස්සෙ කාලෙක දී කෙල්ලෙක් මා දිහාවට එද්දී මට ඒ ගැන කිසිම උනන්දුවක් තිබ්බේ නෑ. ඒත් තරුණ කාලේදි හැමදෙයක්ම ඔබ වෙත එනවා. ඔබට ශක්තියත් වැඩියිනේ. සිය කෘතියේ ගේල් එසේ ද ලියයි.

කී‍්‍රඩාලෝලීන් සම්බන්ධව ගේල් සිය චරිතාපදානයේ මෙසේ ලියා තිබේ.

‘මිනිස්සු කැමැතියි ග්ලැඩියේටර්ස්ලා බලන්න. මොකද එයාලට  ඕනෑ මිනිසුන්ට එරෙහිව මිනිසුන් සටන් කරනවා බලන්නයි. එයාලට  ඕනෑ කරන්නේ විනෝද වෙන්නයි. ඔබ දක්වන දස්කම් එක් එක්කෙනාට වෙනස් විදිහේ ආශ්වාදයක් ගෙන දෙන එකක් වෙන්නත් පුළුවනි. පන්දු 10කදී ලකුණු 30ක් රැස් කිරිම ඇතැමුන්ගේ සතුටට කාරණාවක් වුණත් තවත් සමහරුන් ඒක බාල්දු කරාවි. එක එක කී‍්‍රඩාංගණවල දී කොහොමද මේ සටන දිනාගන්නේ කියලයි ඔබ කල්පනා කළ යුත්තේ.‘

අයි.පි.එල්. තරග අතරතුර දී තමා ඉනිමක් ආරම්භ කිරීමට පෙර පවතින තත්ත්වය හොඳින් විග‍්‍රහ කර බලන බවද ගේල් කියයි.

‘මිනිස්සු ඔල්වරසන් දේවි.. හයක්..හයක්...හයක්.. මම මිනිස්සු පී‍්‍රතිමත් කරන්නෙක්. ඉතින් මම එයාලට හයේ පහරක් දෙනවා. ඔවුන් ඊළඟට කිපෙනවා. ඔන්න ඔබට දැන් දිනන්න  ඕනෑ කරන්නේ එක ලකුණක් විතරයි. ඔබ දන්නවා එයාලා ඉල්ලන්නේ හයක්...ඉතින් ඔබ එයාලට ඒක දෙන්න  ඕනෑ..එතකොට එයාලා තවත් කිපෙනවා.‘ ගේල් එසේ ලියා තිබිණ.

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.