TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

රෝයි - හේල්ස් එංගලන්තය දිනවති

. Views 4547 24 June 2016 21:40

විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ජේසන් රෝයි (නොදැවී 112) සහ ඇලෙක්ස් හේල්ස් (නොදැවී 133) ආරම්භක පිතිකරු යුගලය, ශ්‍රී ලංකාවට එරෙහිව බර්මින්හැම්හිදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් එංගලන්ත පිලට කඩුලු 10 ක විශිෂ්ට ජයක් අත්කර දීමට ඊයේ (24 වැනිදා) සමත් විය. ලකුණු 255 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ ඕවර 34.1 කදී කිසිවකු නොදැවී එම ඉලක්කය පසුකිරීමට සමත් වූහ. 

ශ්‍රී ලංකාව 
කුසල් පෙරේරා - දුවද්දී දැවී ගියා   37
ධනුෂ්ක ගුණතිලක - ඇ. බට්ලර් ප. ප්ලන්කට්   22
කුසල් මෙන්ඩිස් - ක.මු.කළා ප. ප්ලන්කට්  0
දිනේෂ් චන්දිමාල් - දුවද්දී දැවී ගියා   52
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. ප්ලන්කට් ප. රෂිඩ්   44
සීකුගේ ප්‍රසන්න - ඇ. විලී ප. රෂිඩ්   2
උපුල් තරංග - නොදැවී  53
ෆර්වීස් මහරුෆ් - ප. විලී  2
සුරාජ් රංදීව් - නොදැවී  26
අතිරේක (පා-13, ව-2, අ-1) 16
එකතුව ඕවර 50 කදී කඩුලු 7ක්  දැවී  254
කඩුලු වැටීම 
1-39 (ගුණතිලක), 2-47 (මෙන්ඩිස්), 3-77 (පෙරේරා), 4-159 (මැතිව්ස්), 5-163 (ප්‍රසන්න), 6-188 (චන්දිමාල්), 7-191(මහරුෆ්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
නුවන් ප්‍රදීප් සහ සුරංග ලක්මාල්
පන්දු යැවීම
ඩේවිඩ් විලී  10-0-65-1  
ක්‍රිස් වෝක්ස් 8-0-36-0 ව-1
ලයාම් ප්ලන්කට් 10-0-49-2 ව-1
මුයින් අලී 9-0-41-0  
අදීල් රෂීඞ්  10-0-34-2  
ජෝ රූට්  3-0-15-0  
එංගලන්තය 
ජේසන් රෝයි - නොදැවී  112
ඇලෙක්ස් හේල්ස් - නොදැවී  133
අතිරේක (පා-3, ව-8) 11
එකතුව ඕවර 34.1 කදී කිසිවකු නොදැවී 256
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
ජෝ රූට්, ඔයින් මෝගන්, ජොනී බෙයාර්ස්ටෝ, ජොස් බට්ලර්, මුයින් අලී, ක්‍රිස් වෝක්ස්, ඬේවිඞ් විලී, අදීල් රෂීඞ් සහ ලයාම් ප්ලන්කට්
පන්දු යැවීම
ෆර්වීස් මහරුෆ් 7-1-47-0 ව-4
සුරංග ලක්මාල් 5-0-21-0 ව-2
සුරාජ් රංදීව් 8-0-62-0  
නුවන් ප්‍රදීප් 4-0-31-0 ව-1
සීකුගේ ප්‍රසන්න  8.1-0-78-0 ව-1
ධනුෂ්ක ගුණතිලක 2-0-14-0  
කිසිවකු නොදැවී ඉලක්කයක් හඹාගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට එංගලන්ත පිල සමත් වූ අතර මින් පෙර සිම්බාබ්වේ පිලට එරෙහිව නවසීලන්තය පිල විසින් මෙම වාර්තාවට හිමිකම් කීය.

 එංගලන්තය වෙනුවෙන් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ලබාගත් වැඩිම ලකුණු සම්බන්ධතාව වාර්තා කිරීමටද ජේසන් රෝයි සහ ඇලෙක්ස් හේල්ස් අද සමත් වූහ.

පන්දු 92 කදී දෙවැනි එක්දින ශතකය වාර්තා කිරීමට ජේසන් රෝයි සමත් වූ අතර හතරේ පහර හයක් සහ හයේ පහර හතරකින් ඔහුගේ ඉනිම අලංකාර වූ අතර අර්ධ ශතකය පන්දු 55 කදී වාර්තා කිරීමට සමත් වූයේය.

31 වැනි ඕවරයේදී ෆර්වීස් මහරූෆ්ගේ පන්දුවකට ඇලෙක්ස් හේල්ස් විසින් පහසු උඩපන්දුවක් ලබාදුන් අතර අවසන් මොහොතේදී කඩුල්ලක් දවාගැනීමට තිබූ අවස්ථාව ධනුෂ්ක ගුණතිලක මගහැර ගත්තේය.

සීකුගේ ප්‍රසන්න යැවූ 29 වන ඕවරයේදී ලකුණු 27 ක් (1, 4, 4, 6, 6, 6) උදුරා ගැනීමට ඇලෙක්ස් හේල්ස් සහ ජේසන් රෝයි සමත්වූ අතර එම ඕවරයේදීම තුන්වන එක්දින ශතකය පන්දු 91 කදී වාර්තා කළ ඇලෙක්ස් හේල්ස්ගේ ඉනිම හතරේ පහර නවයකින් සහ හයේ පහර තුනකින් අලංකාර විය. අර්ධ ශතකය පන්දු 55 කදී වාර්තා කිරීමට ඔහු සමත් විය.

ලකුණු 191 කට කඩුලු 7 ක් දැවී ඉතා අසීරු අවස්ථාවක සිටි ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු ඉහළ නංවමින්  අටවැනි කඩුල්ල සදහා පන්දු 56 කදී ලකුණු 63 ක නොබිදුණු සම්බන්ධතාවයක් පැවැත්වූ උපුල් තරංග සහ සුරාජ් රන්දීව් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේදී කඩුලු 7 කට ලකුණු 254 ක් දක්වා රැගෙන යාමට සමත් වූහ.

ආරම්භ පිතිකරුවකු වශයෙන් මීට පෙර කටයුතු කළ උපුල් තරංග මෙම තරගාවලියේදී අංක හත පිතිකරු වශයෙන් පිටියට පැමිණි අතර අද ලබාගත් අර්ධ ශතකයත් සමගින් තමන්ට ඕනෑම ස්ථානයක ක්‍රීඩා කළ හැකි බව ඔප්පුකර පෙන්වීය. පන්දු 49 කදී හතරේ පහර පහක් සහ හයේ පහරක් සමගින් තරංගගේ ඉනිම අලංකාර වූ අතර අර්ධ ශතකය පන්දු 46 කදී වාර්තා කිරීමට සමත්වූයේය.

ඉතා අවාසනාවන්ත අන්දමින් ලකුණු 52 ක් රැස්කර සිටි දිනේෂ් චන්දිමාල් දුවද්දී දැවීයාමකට හසුකරගැනීමට ජේසන් රෝයි සමත්විය. දිනේෂ් චන්දිමාල් පන්දු 80 කදී අර්ධ ශතකය වාර්තා කළ ඊට හතරේ පහර තුනක් ඇතුලත් විය.

පළමු එක්දින තරගයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සීක්කුගේ ප්‍රසන්නට එරෙහිව සැලසුම් සහගතව පිටියට පිවිසි එංගලන්ත පන්දුයවන්නෝ සාර්ථක ප්‍රතිඵල නෙලාගනිමින් සීක්කුගේ ප්‍රසන්නව යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත්වූහ. අදිල් රෂීඞ් යැවු පන්දුවකට ඬේවිඞ් විලි රැකගත් විශිෂ්ට උඩපන්දුව හේතුවෙන් සීක්කුගේ ප්‍රසන්නට ලබාගත හැකිවූයේ ලකුණු දෙකක් පමණි.

කුසල් ජනිත්ගේ දැවීයාමත් සමගින් දිනේෂ් චන්දිමාල් හා එක්වු නායක ඇන්ජලෝ මැතිව්ස් තරගයේ බර කරට ගනිමින් සිව්වන කඩුල්ල සදහා ලකුණු 82 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූ අතර පිට පිට තරග හතරකදී ලකුණු 50 ට වැඩියෙන් ලකුණු සම්බන්ධතා පැවැත්වීමට චන්දිමාල් සහ මැතිව්ස් සමත්වී ඇත. ඇන්ජලෝ මැතිව්ස් දැවීයන විට පන්දු 54 කදී හතරේ පහර තුනක් සමගින් ලකුණු 44 ක් ලබාසිටියේය.

දිනේෂ් චන්දිමාල් සමග එක්ව තරගයේ බර කරටගත් කුසල් ජනිත් අවාසනාවන්ත අන්දමින් දුවද්දී දැවීයාමකට හසුකර ගැනීමට ජේසන් රෝයි සමත්වූ අතර දැවී යනවිට කුසල් ජනිත් ලකුණු 37 ක් රැස්කර ගැනීමට සමත්විය.
නැවතත් ක්‍රීයාත්මකවූ ලයාම් ප්ලන්කට්ගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවූ කුසල් මෙන්ඩිස් පළමු වරට එක්දින තරගයකදී ලකුණු නොලබාම දැවී ගියේය.

ආරම්භක පිතිකරු යුගලය තරගය ආරම්භයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළද පසුගිය තරගයේදී ශ්‍රී ලංකා පිලේ ජය මාවත ඇහුරූ ලයාම් ප්ලන්කට්ගේ පන්දුවකට කඩුලු රකින ජොස් බට්ලර්ගේ අතට උඩපන්දුවක් ලබාදෙමින් ධනුෂ්ක ගුණතිලක ලකුණු 21 කට දැවී ගිය අතර පන්දු 21 කට මුහුණදී හතරේ පහරක් සහ හයේ පහර දෙකක් එල්ල කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා පිලේ එක් වෙනස්කමක් කරමින් තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක වෙනුවට පිට දඟ පන්දු යවන සුරාජ් රන්දීව් කණ්ඩායමට කැඳවා ඇති අතර 2014 නොවැම්බර් මාසයෙන් පසුව ජාත්‍යන්තර තරගයකට රන්දීව් සහභාගීවී වන පළමු අවස්ථාව වෙයි.

පළමු තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගේ වෙනස්කමක් නොකිරීමට එංගලන්ත පිල කටයුතු කර ඇත. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහරදීම තෝරා ගත්තේය.

 

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.