TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

අපේ අය අවතක්සේරු කරන්න එපා

සැකසුම : මොහාන් ප‍්‍රනාන්දු Views 4362 30 June 2016 14:52

යුරෝපා සංගමයේ රැඳී සිටීමේ එක්සත් රාජධානියේ ඉරණම තීන්දු කළ ආන්දෝලනාත්මක ජනමත  විචාරණයේ ප‍්‍රතිඵලයේ උණුසුම එංගලන්තය පුරා පැතිරෙද්දී කී‍්‍රඩකයන් 17 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් සිය කළමනාකාරීත්වය සමග ඔවුන් මෑත කාලයේ කී‍්‍රඩා නොකළ තරම් දුෂ්කර ටෙස්ට් තරගමාලාවකට මුහුණදීමට කාර්යබහුල ලෙස සූදානම් වෙමින්  සිටී.

පෙරහුරු තරග සඳහාත් තව කාලයක් තිබෙද්දිත් මිස්බා උල් හක්ගේ නායකත්වයෙන් යුතු පාකිස්තාන කි‍්‍රකට් කණ්ඩායම එංගලන්තයට පැමිණියේ සිය කණ්ඩායමේ සගයන්ගේ දස්කම් එංගලන්ත සීත දේශගුණයට ගැළපෙන ලෙස මුවහත් කරගැනීමට ඇති අභිලාෂයෙනි.

පාකිස්තානු පිලට අලූතින් පත්වූ ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහත් උද්යෝගයෙන් යුතුව සිය කණ්ඩායම ඉදිරියේ මුහුණදීමට ඇති අභියෝගවලට සූදානම් කරවමින් සිටී. ඔවුන් අද දිනය ඉක්ම යනතුරු හැම්ෂයර් ප‍්‍රාන්තයේ රැඳී සිටින අතර කළමනාකරු ඉන්ටිකාබ් අලාම් ඒ අතරතුර විශේෂ සම්මුඛ සාකච්ඡුාවකට සහභාගි විය.

සිය කණ්ඩායමට එංගලන්තය හුරුපුරුදු කරවීමට වේලාසනින්ම පිටත්කොට හැරීමට මෑතකදී පත්වූ පාකිස්තාන තේරිම් කමිටුවේ ප‍්‍රධානී ඉන්සමාම් උල් හක් ගත් තීන්දුව නිෂ්ඵල දෙයක් හැටියට ඇතැමුන්ගේ විවේචනයට ලක්වූවත් පාකිස්තානු කී‍්‍රඩකයන් හැම්ෂයර් හී මේ ගත කරමින් ලබාගන්නා වූ අත්දැකීම් ඉදිරියේදී කදිම අත්වැලක් වෙනවාට කිසිදු සැකයක් නැති බව ඉන්ටිිකාබ් අලාම් මහතාගේ අදහසවී තිබේ.

”හැම්ෂයර් ආපු දවසෙ ඉඳලා අපිට හොඳයි”

”අපි දවස් තුනේ පුහුණු තරගයකටත් කී‍්‍රඩා කළා. කරදර වෙන්න කිසිම දෙයක් නෑ කොල්ලො ටික එයාලගේ ශාරිරික යෝග්‍යතාව හොඳින් පවත්වාගෙන යනවා. ව්‍යායාම ශාලාවේ සෑහෙන කාලයක් ගත කරන නිසා අපේ කඳවුරේ තත්ත්වය ආදා ඉඳලා සතුටුදායක මට්ටමකයි තිබෙන්නේ” යයි ඉන්ටිකාබ් අලාම් මහතා කියයි.

ප‍්‍රධානතම මාතෘකාවක් බවට පත්වී ඇත්තේ තහනමට පෙර 2010 දී සිය අන්තිම ටෙස්ට් තරගයට කී‍්‍රඩා කළ තණතීරුවේදීම මොහමඞ් අමිර් යළි දෙවැනි ගමන ආරම්භ කිරීමයි. එය මාධ්‍ය හා කී‍්‍රඩාලෝලීන් අතර වැඩි කතාබහට ලක්වූ කාරණාවක් බව කණ්ඩායම් කළමනාකරීත්වයත් දැන සිටී.

කෙසේ වෙතත් පාකිස්තාන කළමනාකාරීත්වය වැඩි අවධානයක් යොමුකොට ඇත්තේ ජූලි 14 වැනිදා ලෝඞ්ස් පිටියේ දී ඇරැුඹෙන ටෙස්ට් තරගයට අමීර් සූදානම් කරවීම පිළිබඳව බව අලාම් මහතා කියයි.

”ලෝඞ්ස් ටෙස්ට් තරගයට පෙර තවත් පෙරහුරු තරග දෙකකටම කී‍්‍රඩා කරන්නට තිබෙන නිසා එක අතකට ඒ ගැන කතා කිරීමට වේලාසන වැඩියි කියලත් හිතෙනවා”

”අමීර් ලෝඞ්ස් තරගයට හොඳින්ම සූදානම් වී ඇතැයි අපිට සිතෙනවා. ඔහු නැවත ටෙස්ට් පිටියට පා තැබීම ගැන වටපිටාවේ සෑහෙන කතාබහ කෙරෙන නිසා ඔහුට මේ සංචාරයට මනස හදාගන්න සිදුවුණා. ඒ වගේම ඔහුට තමා ගැන බලාගන්න හැකිවේවි කියලා අපි විශ්වාස කරනවා” යයි කී අලාම් මහතා, ”මොහොමඞ් අමීර් ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියට නැවත පිවිසීමෙන් පසුව ඔහුගේ මුල්ම එංගලන්ත සංචාරය මෙය නෙවෙයි. ඔහු මීට කලිනුත් ඔහු එංගලන්තට ආවා....” යයිද පැවසීය.

ආබාධයක් හේතුවෙන් ජේම්ස් ඇන්ඩර්සන්ට නිසැකයෙන්ම පළමු ටෙස්ට් තරගයට කී‍්‍රඩා කිරීමට නොැලැබීම ඇතැම් පාකිස්තානු පිතිකරුවන්ට තරමක අස්වැසිල්ලකි. නමුත් කණ්ඩායමට ධනාත්මක ප‍්‍රතිඵලයක් මේ සංචාරයෙන් ලබාගැනීමට තරම් අවශ්‍ය පසුබිමක් ඇති කරලීමට පාකිස්තානු පන්දු යවන්නන්ට හැකිවේවිදැයි පැනයක් ඉතිරිව තිබේ.

අමීර්ට අමතරව පාකිස්තානු වේගපන්දු බලඈණියට ඇතුළත්ව සිටින වහාබ් රියාස්ට අත්දැකිම් අඩුය. එහෙත් අලාම් මහතා පවසනුයේ තමන් සිය ප‍්‍රතිවාදින් විමතියට පත් කිරීමට සූදානම බවයි.

”මීට කළින් එංගලන්තයේ සංචාරය කළ පාකිස්තානු කණ්ඩායම්වල වගේම මෙවරත් අපේ වේගපන්දු බලඈණිය අත්දැකීම් අඩු අය බවට සැකයක් නෑ තමයි. ඒත් එයාලගේ හැකියාවන් අවතක්සේරු කිරිම ගැන නම් මම අනතුරු අගවනවා”

”මෑත කාලයේ ඔවුන් හොඳින් පන්දු යැව්වා. ඒ වගේම ඔවුන් ශාරිරික යෝග්‍යතාව අතිනුත් ඉහලින් ඉන්නේ. ඉංගී‍්‍රසි පිතිකරුවන් ඔවුන්ගේ දැඩි පරීක්ෂාවට ලක්වෙනවාට සැකයක් නෑ” යයිද පාකිස්තානු පිලේ හිටපු නායකයකුද වන අලාම් මහතා පවසයි.

පාකිස්තානු පිලේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර්ට කළහැකි දේ කුමක්දැයි යන්න ඔහු දකුණු අපි‍්‍රකානු පිලේ පුහුණුකරු ලෙස වැඩ කළ කාලයේ ඇතිකරගත් දීප්තිමත් වාර්තාව මත රඳා පවතින්නකි. මෑතකදී පත්වුණු මේ පුහුණුකරු දැනටමත් කණ්ඩායමේ යම් වෙනසක් ඇති කරලීමට සමත්වී ඇතැයි අලාම් මහතා කියයි.

”පාකිස්තාන පිලේ ප‍්‍රධාන පුහුණුකරු හැටියට මිකී ආතර් වගේ කෙනෙක් පත් කරගැනීමට ලැබීම අපේ වාසනාවක්. අපේ ළමයි ටික ඔහු සමග හොඳින් වැඩ කරන බව මම සතුටින් කියනවා. ඔහු කණ්ඩායමත් එකක් ඉතා කැපවීමෙන් පුහුණුවීම්වල යෙදෙනවා. කොල්ලො ටික ඔහුට කීකරුයි”

බොහෝ ප‍්‍රවීණයන්ට අනුව මේ පාකිස්තාන කණ්ඩායමට මෙවර ටෙස්ට් තරගාවලියේ දී  සිය අරමුණු කරා ළගාවීමට අවශ්‍ය අධිෂ්ඨානශීලීත්වය ඉහලින්ම පෙනෙන්නට තිබේ. එහෙත් අලාම් මහතාගේ අදහස වී ඇත්තේ කණ්ඩායමේ සැබෑ අරමුණ ඉස්මතු වෙන්නේ ඔවුන් ලෝඞ්ස් පිටියට පා තැබුවාට පසුව බවය.

”අපි අවශ්‍ය ඉලක්කයට යන්න හොඳ සූදානමකිනුයි ඉන්නේ. දෙවියන්ගෙ පිහිටෙන් හරි වෙලාවට අපේ කොල්ලෝ ටික පාකිස්තානු ජාතියම ඉහළට ඔසවලා තියාවි” යයි අලාම් මහතා සිය විශ්වාසය පළකරයි.

 

- 077

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.