TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

සචිත්‍ර සේනානායක යළි කැඳවයි

ශානුක අරවින්ද Views 2616 5 September 2016 18:03

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට පිට දඟ පන්දුයවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
 
මේ වන විට විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග 22 කට ක්‍රීඩා කර ඇති සචිත්‍ර සේනානායක දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 24 කි. ඔහුගේ හොඳම පන්දුයැවීම ලෙස වාර්තා වන්නේ 2015 වසරේ නොවැම්බර් මස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී ලකුණු 46 කට කඩුලු 4 ක් දවාගැනීමයි.

සචිත්‍ර අවසන් වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විස්සයි20 ජාත්‍යන්තර තරගයක් සඳහා සහභාගි වී ඇත්තේ මේ වසරේ පෙබරවාරි මාසයේ ඉන්දියාවට එරෙහිව පැවැති තරගාවලියේදීය. එහිදී තරග 3 කට ක්‍රීඩා කළ ඔහු දවාගෙන ඇත්තේ කඩුලු සංඛ්‍යාව 2 ක් පමණි.

සචිත්‍රට අමතරව අවසන් වරට එංගලන්තයට එරෙහිව පැවැති විස්සයි20 තරගයට සහභාගි නොවූ තිලකරත්න ඩිල්ෂාන්, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, සචිත් පතිරණ සහ කසුන් රාජිත යන ක්‍රීඩකයන්ද මෙම තරගාවලිය සඳහා නම්කරන ලද සංචිතයට ඇතුළත් කර සිටිති.

එංගලන්තයට එරෙහිව පැවැති විස්සයි20 තරගය සඳහා නම්කර තිබූ  ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි නිරෝෂන් දික්වැල්ල, නුෂ්ක ගුණතිලක, ෆර්විස් මහරුෆ්, රමිත රඹුක්වැල්ල, ළහිරු තිරිමාන්න සහ නුවන් ප්‍රදීප්ට මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයේ ස්ථාන අහිමි වී තිබේ.

එක්දින තරගාවලිය අතරතුරදී පාදයේ අබාධයකට ලක්වූ ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලිය සඳහා සහභාගි නොවන බැවින් නායකත්වයේ වගකීම උප නායක දිනේෂ් චන්දිමාල්ට පැවරී තිබේ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරගය හෙට (6 වැනිදා) මහනුවර පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි තරගය සිකුරාදා (9 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය -

දිනේෂ් චන්දිමාල් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, කුසල් මෙන්ඩිස්, සීක්කුගේ ප්‍රසන්න, සචිත්‍ර සේනානායක, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, සචිත් පතිරණ, කසුන් රාජිත, දසුන් ශානක  

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.