TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ආරම්භක පිතිකරුවන්ගේ ‘ස්ටාක්’ භීතිකාව

රොෂාන් ගුණරත්න Views 3788 6 September 2016 22:49

ඕස්ටේ්‍රලියාව සමග පැවැති එක්දින තරගාවලිය 4-1 ක් ලෙස පරාජයට පත්වනවාත් සමගින් එක්දින පිටියේ පතාකයෙකුගේ එක්දින ක්‍රිකට් දිවියද අවසන්විය. තිලකරත්න ඩිල්ශාන්ගේ සමුගැනීම තරගාවලිය අතර මැද සිදුනොවුයේ නම් තරගාවලියේ අවසානය මීට වඩා වෙනස්වීමට ඉඩකඩ තිබුණි.


කාලයක පටන් ආරම්භක පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය මෙවර තරගාවලියේදීද දැකගත හැකිවූ අතර තරගාවලිය අතරතුර පිතිකරුවන් හතර දෙනෙකු වරින්වර යොදාගැනීමට නායකත්වයට සිදුවිය. අවසන් එක්දින තරගයේදී හැර සෙසු තරගවලදී ස්ටාර්ක් භීතිකාවට ලක්වෙමින් පළමු ඕවරයේදීම කඩුල්ලක් පූජාකිරීමට ආරම්භක පිතිකරුවන්ට සිදුවිය. අවසන් තරගයේ ආරම්භක පිතිකරුවන්වූ ධනංජය ද සිල්වා සහ ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ල සදහා ලකුණු 73 ක සම්බන්ධතාවයක් පවත්වමින් ස්ටාර්ක් භීතිකාවෙන් මීදීමට සමත්වූ නමුත් ඒ වන විට තරගාවලිය පරාජය වී අවසානය.


සිව්වන තරගයේදී පළමු වරට ආරම්භක පිතිකරු භූමිකාවට පණපොවමින් ලකුණු 76 ක් ලබාගත් ධනංජය ද සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට ආරම්භක පිතිකරුවකු වශයෙන් කටයුතු කරමින් ලකුණු 74 ක් ලබාගනිමින් සමන් ජයන්ත තබා තිබු වාර්ථාව අලුත් කිරීමට සමත්විය.


ධනංජය ද සිල්වා ආරම්භක පිතිකරුවකු වශයෙන් කටයුතු කළ තරග දෙකෙහිදි (76, 34) සාර්ථකත්වයක් පෙන්නුවද එය කොතරම් කාලයක් රදවාගනු ඇතිද යන්න අපට බලාසිටීමට සිදුවනු ඇත.


මෑත කාළයේදී ශ්‍රි ලංකා පිලේ අංක තුන සහ හතර පිතිකරුවන් වන කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් තරගයක වැඩිබරක් දරමින් ලකුණු සොයා යන අතර මෙවර තරගාවලියේදීද එම කාර්යය මනාව ඉටුකළහ.


තරග පහකදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 236 ක් රැස්කළ දිනේෂ් චන්දිමාල්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 59.00 වූ අතර තරග පහකදී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 174 ක් රැස්කළ කුසල් මෙන්ඩිස්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 34.80කි.


ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් අර්ධ ශතකය බැගින් ලබාගත්තද මැදපෙළ පිතිකරුවන්ගෙන් අවශ්‍ය සහයෝගය කණ්ඩායමට නොලැබුණු අතර තරගාවලියේ පරාජයට එයද එක් කරුණකි.


වේගපන්දු යවන්නන්ගේ අහේනියත් සිටින වේගපන්දු යවන්නන් නිසිපරිදි යොදා නොගැනීමත් යන හේතූන් තරගාවලි පරාජයට බලපෑ අතර ස්විප් පහර සහ රිවර්ස්විප් පහර මනාව යොදා ගනිමින් දගපන්දු යවන්නන් මෙල්ලකර ගැනීමට ඕස්ටේ්‍රලියානු පිතිකරුවෝ සමත්වූහ.


පළමු තරග හතර තුළදී ප්‍රධාන වේගපන්දු යවන්නකු ක්‍රීඩා නොකළ අතර නිතරම පන්දු නොවන නමුත් තුන්ඉරියව් ක්‍රිඩකයින් වශයෙන් කටයුතු කරන ඇන්ජලෝ මැතිව්ස්ට සහ තිසර පෙරේරාට දවාගැනීමට හැකිවූයේ කඩුලු හතර බැගිනි. තිසර පෙරේරා තරග හතරකදී ඕවර 15 ක් යවා ලකුණු 100 ක් ලබාදී ඇති අතර ඕවරයකට ලකුණු ලබාදීමේ සාමාන්‍යය 6.66 කි. පිටදඟ පන්දු යවන ඩිල්රුවන් පෙරේරා තරග පහකදී කඩුලු නවයක් සහ අමිල අපෝන්සු කඩුලු හතක් දවාගැනීමට සමත් වූහ.


එක්දින තරගාවලියේ ජය ඕස්ටේ්‍රලියාවට ලබාදෙමින් තරගාවලියේ වීරයා බවට පත්වූ ජෝර්ජ් බේලී තරග පහකදී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 270 ක් රැස්කළ අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 67.50 කි.


ඕස්ටේ්‍රලියා පිතිකරුවන් සියලුදෙනා ලකුණු අතරට පිවිසි අතර ටෙස්ට් තරගාවලියේදී මෙන්ම එක්දින තරගාවලියේදීද ලකුණු අහේනියකින් පෙළුණු ඬේවිඞ් වෝනර් අවසන් තරගයේදී ශතකයක් රැස්කරමින් ලකුණු අතරට පිවිසීමට සමත්වූයේය.


තරගාවලිය පුරාම දස්කම් පෙන්වීමට ඕස්ටේ්‍රලියානූ වේගපන්දු යවන්නෝ සමත්වූ අතර මිචෙල් ස්ටාර්ක් කඩුලු 12 ක්ද ජේම්ස් ෆෝක්නර් කඩුලු 10 ක් සහ ජෝන් හේස්ටින්ග් කඩුලු 9 ක් දවාගත් අතර පාදඟ පන්දුවෙන් දස්කම් දක්වමින් ඇඩම් සම්පා කඩුලු 9 ක් දවාගැනීමට සමත්විය.

 



ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ සාමාන්‍යය
 

ක්‍රීඩකයා තරග ඉනිම නො ලකුණු වැ.ල සාමාන්‍යය 100 50 0
දිනේෂ් චන්දිමාල් 5 5 1 236 102 59.00 1 1 0
කුසල් මෙන්ඩිස් 5 5 0 174 69 34.80 0 2 0
ධනංජය ද සිල්වා 5 5 0 131 76 26.20 0 1 0
ඇන්ජලෝ මැතිව්ස් 4 4 0 99 57 24.75 0 1 1
කුසල් ජනිත් 5 5 0 86 54 17.20 0 1 0
තිලකරත්න ඩිල්ෂාන් 3 3 0 74 42 24.66 0 0 0
සචිත් පතිරණ 2 2 0 56 32 28.00 0 0 0
තිසර පෙරේරා 4 4 0 55 21 13.75 0 0 0
ඩිල්රුවන් පෙරේරා 5 5 0 55 18 11.00 0 0 0
ධනුෂ්ක ගුණතිලක 3 3 0 46 39 15.33 0 0 0
මිලින්ද සිරිවර්ධන 1 1 0 19 19 19.00 0 0 0
උපුල් තරංග 1 1 0 15 15 15.00 0 0 0
දසුන් ශානක 1 1 0 13 13 13.00 0 0 0
ඇන්ජලෝ පෙරේරා 1 1 0 7 7 7.00 0 0 0
අමිල අපෝන්සු 5 5 4 6 2* 6.00 0 0 0
සීක්කුගේ ප්‍රසන්න 2 2 1 5 3 5.00 0 0 0
අවිශ්ක ප්‍රනාන්දු 1 1 0 0 0 0.00 0 0 1
සුරංග ලක්මාල් 1 1 0 0 0 0.00 0 0 1
ලක්ෂාන් සදකැන් 1 - - - - - - - -
කෙටි යෙදුම්
ත - තරග, ඉ - ඉනිම, නො - නොදැවීම්, වැ.ල. - වැඩිම ලකුණු
 



ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුකරන සාමාන්‍යය
 

ක්‍රීඩකයා තරග ඉනිම ඕවර ලකුණු කඩුලු හො.ප. සාමාන්‍යය ල.වේ.
ඩිල්රුවන් පෙරේරා 5 5 47.0 256 9 48/3 28.44 5.44
අමිල අපෝන්සු 5 5 43.2 181 7 18/4 25.85 4.17
ඇන්ජලෝ මැතිව්ස් 4 3 20.0 80 4 17/2 20.00 4.00
තිසර පෙරේරා 4 4 15.0 100 4 33/3 25.00 6.66
සචිත් පතිරණ 2 2 18.0 73 3 37/3 24.33 4.05
ධනංජය ද සිල්වා 5 4 19.0 97 3 35/2 32.33 5.10
සීක්කුගේ ප්‍රසන්න 2 2 17.0 87 2 39/1 43.50 5.11
ලක්ෂාන් සදකැන් 1 1 5.0 33 2 33/2 16.50 6.60
සුරංග ලක්මාල් 1 1 8.0 30 0 - - 3.75
දසුන් ශානක 1 1 2.0 10 0 - - 5.00
ඇන්ජලෝ පෙරේරා 1 1 1.0 5 0 - - 5.00
තිලකරත්න ඩිල්ෂාන් 3 3 12.5 72 0 - - 5.61
මිලින්ද සිරිවර්ධන 1 1 6.0 34 0 - - 5.66
කෙටි යෙදුම්
ත - තරග, ඉ - ඉනිම, ඕ - ඕවර, ල - ලකුණු, ක - කඩුලු, ඉ.හො.ප. - ඉනිමක හොදම පන්දු යැවීම
ල.වේ. - ලකුණු වේගය, ත.හො.ප. - තරගයක හොදම පන්දු යැවීම
 

 



ඉන්දියා කණ්ඩායමේ පිතිකරණ සාමාන්‍යය
 

ක්‍රීඩකයා තරග ඉනිම නො ලකුණු වැඩිම ලකුණු සාමාන්‍යය 100 50 0
ජෝර්ජ් බේලි 5 5 1 270 90* 67.50 0 2 0
ස්ටීව් ස්මිත් 2 2 0 88 58 44.00 0 1 0
මැතිව් වේඩ් 5 5 1 155 76 38.75 0 1 0
ඒරන් ෆින්ච් 5 4 0 145 56 36.25 0 2 0
ඬේවිඞ් වෝනර් 5 5 0 144 106 28.80 0 0 0
ට්‍රැවිස් හෙඩ් 5 5 0 130 40 26.00 0 0 0
ජේම්ස් ෆෝක්නර් 5 4 2 30 13 15.00 0 0 0
ඇඩම් සම්පා 5 2 1 10 5* 10.00 0 0 0
 මිචෙල් ස්ටාක් 5 3 1 17 12 8.50 0 0 1
මොයිසස් හෙන්රිකස් 2 2 0 10 6 5.00 0 0 0
උස්මාන් කවාජා 2 2 0 6 6 3.00 0 0 1
ෂෝන් මාෂ් 1 1 0 1 1 1.00 0 0 0
ජෝන් හේස්ටිංග්ස් 3 2 2 13 8* - 0 0 0
නේතන් ලයන් 1 1 1 4 4* - 0 0 0
ස්කොට් බෝලන්ඩ් 2 - - - - - - - -
 ජොස් හේසල්වුඞ් 2 - - - - - - - -
කෙටි යෙදුම්
ත - තරග, ඉ - ඉනිම, නො - නොදැවීම්, වැ.ල. - වැඩිම ලකුණු
 

 



ඉන්දියා කණ්ඩායමේ පන්දුකරන සාමාන්‍යය
 

ක්‍රීඩකයා තරග ඉනිම ඕවර ලකුණු කඩුලු හො.ප. සාමාන්‍යය ල.වේ.
ඒරන් ෆින්ච් 5 1 2.0 7 0 - - 3.50
ස්කොට් බෝලන්ඩ් 2 2 16.2 64 2 28/1 32.00 3.91
ජෝන් හේස්ටිංග්ස් 3 3 27.0 116 9 45/6 12.88 4.29
ජේම්ස් ෆෝක්නර් 5 5 45.2 196 10 38/4 19.60 4.32
 මිචෙල් ස්ටාක් 5 5 48.5 218 12 32/3 18.16 4.46
ඇඩම් සම්පා 5 5 41.0 187 9 38/3 20.77 4.56
 ජොස් හේසල්වුඞ් 2 2 20.0 107 1 51/1 107.00 5.35
නේතන් ලයන් 1 1 9.0 49 1 49/1 49.00 5.44
ට්‍රැවිස් හෙඩ් 5 4 15.0 86 3 22/2 28.66 5.73
මොයිසස් හෙන්රිකස් 2 2 14.0 88 1 48/1 88.00 6.28
කෙටි යෙදුම්
ත - තරග, ඉ - ඉනිම, ඕ - ඕවර, ල - ලකුණු, ක - කඩුලු, ඉ.හො.ප. - ඉනිමක හොදම පන්දු යැවීම
ල.වේ. - ලකුණු වේගය, ත.හො.ප. - තරගයක හොදම පන්දු යැවීම
 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.