TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ඕස්ටේ‍්‍රලියාව සාර්ථක පිළිතුරකට සැරසෙයි

. Views 2285 3 November 2016 21:27

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව  ඕස්ටේ‍්‍රලියාවේ පර්ත්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ආරම්භක දිනය වූ අද (3 වැනිදා) දකුණු අපි‍්‍රකානු පිල ලකුණු 242 කට සීමා කිරීමට  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත් වූහ. අද සවස තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 105 ක් ලබා සිටියේය.

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමු දිනයේදීම කඩුලූ 10 ක් අතැතිව දකුණු අපි‍්‍රකාවට වඩා තවත් ලකුණු 137 ක් පසුපසින් සිටින අතර අද දිනයේදී තරගය නතර කරන විට ඬේවිඞ් වෝනර් නොදැවී ලකුණු 73 ක්ද, ෂෝන් මාෂ් නොදැවී ලකුණු 29 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

වේගවත් පිතිහරඹයක නිරත වූ ඬේවිඞ් වෝනර් පන්දු 39 කදී සිය අර්ධ ශතය සම්පූර්ණ කළ අතර දිනය නිමා වන විට ඔහු පන්දු 62 කට මුහුණදී සිටි ඔහුගේ ඉනිමට ඬේල් ස්ටේන්ගේ පන්දුවකට තර්ඞ් මෑන් කළාපයට ඉහලින් ගැසූ හයේ පහරක් සහ අලංකාර හතරේ පහර 13 ක් ඇතුළත් විය. 

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් මිචෙල් ස්ටාක් දකුණු අපි‍්‍රකානු ලකුණු පුවරුවට එකම ලකුණක් හෝ එක්වීමට පෙර ආරම්භක පිතිකරු ස්ටීවන් කුක් ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීය. ෂෝන් මාෂ් අතට උඩපන්දුවක් දෙමින් කුක් ලකුණු නොලබා දැවී ගියේය.

මුලූ ලකුණු සංඛ්‍යාව 5 ක් වන විට කණ්ඩයමේ ප‍්‍රබලම පිතිකරුවා වූ හෂීම් අම්ලාගේ කඩුල්ල දවාගැනීමට ජොෂ් හෙසල්වූඞ් සමත් වීමත් සමග දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අසීරු තත්ත්වයකට පත්විය. ස්ටීවන් ස්මිත් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට අම්ලා ලකුණු ලබා සිටියේ නැත.

මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ ඇඩම් වෝගස් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට නායක ෆෆ් ඩුප්ලෙසිස් හතරේ පහර 5 ක් සමගින් ලකුණු 37 ක් ලබා සිටියේය.

දකුණු අපි‍්‍රකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ක්වින්ටින් ඩි කොක් හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 84 කි. ටෙම්බා බවුමා (51) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ක්වින්ටින් ඩි කොක් සමත් විය. බවුමාගේ අර්ධ ශතකයට හතරේ පහර 7 ක් අන්තර්ගත විය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් ලකුණු 71 කට කඩුලූ 4 ක් දවාගත් අතර දකුණු අපි‍්‍රකානු ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහයක් ලබාදුන් ජොස් හෙසල්වුඞ් ලකුණු 70 කට කඩුලූ 3 ක් දවාගත්තේය.

දකුණු අපි‍්‍රකාව පළමු ඉනිම - සියලූ දෙනා දැවී 242
(ෆෆ් ඩුප්ලෙසිස් 37, ටෙම්බා බවුමා 51, ක්වින්ටින් ඩි කොක් 84, කේෂව් මහරාජ් 16, මිචෙල් ස්ටාක් 71/4, ජොස් හෙසල්වුඞ් 70/3, නේදන් ලයන් 38/2)

ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම - කිසිවකු නොදැවී 105
(ඬේවිඞ් වෝනර් නොදැවී 73, ෂෝන් මාෂ් නොදැවී 29)

-036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.