TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ඉනෝකා කාන්තා පිලේ නායකත්වයට

රොෂාන් ගුණරත්න Views 2406 8 November 2016 15:05

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින එංගලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග හතරකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (9 වැනිදා) ආරම්භ වේ.


එක්දින තරගාවලිය සදහා ක්‍රීඩිකාවන් 14 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම්කර ඇති අතර පළමු වතාවට ඉනෝකා රණවීර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස පත්කර තිබේ.  කණ්ඩායමේ උප නායකත්වය ප්‍රසාදනී වීරක්කොඩිට හිමිව තිබේ.


මෙම තරගාවලිය සඳහා නම්කරන ලද සංචිතයට ශෂිකලා සිරිවර්ධන ඇතුළත්ව නැත.


පළමු තරගය එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඉතිරි තරග තුන ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම
ඉනෝකා රණවීර (නායිකාව), ප්‍රසාදනී වීරක්කොඩි (උප නායිකාව), ඩිලානී මනෝදරා, නිලක්ෂී සිල්වා, අමා කාංචනා, හසිනි පෙරේරා, චමරී පොල්ගම්පොළ, චමරි අතපත්තු, නිපුනි හංසිකා, ශ්‍රීපාලී වීරක්කොඩි, සුගන්ධිකා කුමාරී, ඕෂදී රණසිංහ, හංසිමා කරුණාරත්න සහ අචිනි කුලසූරිය.


එංගලන්ත කාන්තා කණ්ඩායම
හේදර් නයිට් (නායිකාව), ටැමී බියුමවුන්ට්, කැතරින් බෲන්ට්, ජෝර්ජියා එල්විස්, ජෙවී ගන්, ඇලෙක්ස් හාර්ට්ලී, ඩැනියල් හේසල්, අමී ජෝන්ස්, බෙත් ලැන්ග්ස්ටන්, ලෝරා මාෂ්, නටාලී සීවර්, ෆ්‍රැන් විල්සන්, ලොරේන් වින්ෆීල්ඞ් සහ ඩැනියල් වයිට්.

 

නොවැම්බර් 09 : පළමු එක්දින තරගය - එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී

නොවැම්බර් 12 : දෙවැනි එක්දින තරගය - ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

නොවැම්බර් 15 : තෙවැනි එක්දින තරගය - ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

නොවැම්බර් 17 : සිව්වැනි එක්දින තරගය - ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.