TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ

Views 3199 24 November 2016 17:20

බ්ලූ මවුන්ටන් කුසලාන තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඊයේ (23 වැනිදා) පැවැති ශ්‍රී ලංකා පිලේ මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් ඔවුන්ගේ තරග මුදලින් 20% ක දඩයකට යටත් කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලය තුළදී යැවිය යුතු ඕවර සංඛ්‍යාවට වඩා ඕවර 2 ක් අඩුවෙන් යවා තිබිණ.


මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වරදකරු කළ අන්තර්ජාතික තරග තීරක ජවගල් ශ්‍රීනාත් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ සාාමාජිකයන්ට ඔවුන්ගේ තරග මුදලින් 20% ක දඩයක් නියම කළ අතර නායක උපුල් තරංගට එමෙන් දෙගුණයක දඩයක් නියම කළේය.


කෙසේ වෙතත් තවත් මාස 12 ක කාලයක් ඇතුළතදී උපුල් තරංගගේ නායකත්වය යටතේම ශ්‍රී ලංකා පිල මෙවන් වරදකට හසුවුවහොත් එය තරංගගේ දෙවැනි වරද ලෙසින් සැලකෙන අතර ඔහුට තරග තහනමකට මුහුණ දීමටද සිදුවනු ඇත.


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.