TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

සවුතී - වැග්නර් පාකිස්තානය අසරණ කරති

. Views 1411 26 November 2016 16:16

ඕවර 5 කදී කඩුලූ 3 ක් බිඳ දැමූ ටිම් සවුතීගේ ප‍්‍රහාරාත්මක පන්දු යැවීම නිසා පාකිස්තානයට එරෙහිව හැමිල්ටන්හි සෙඩන් උද්‍යාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (26 වැනිදා) නවසීලන්ත කී‍්‍රඩකයෝ තරගයේ වාසිය තමන් සතු කරගත්හ. දෙවැනි දිනයේ කී‍්‍රඩාව නතර කරන විට පාකිස්තානු කණ්ඩායම කඩුලූ 5 ක් දැවී ලකුණු 76 ක් ලබා සිටියේය.

මුල් ඉනිමේදී ලකුණු 271 ක් ලබාගත් සත්කාරක නවසීලන්ත කී‍්‍රඩකයෝ පාකිස්තානයට වඩා ලකුණු 195 ක් ඉදිරියෙන් සිටිති.

අද දිනයේ ටිම් සවුති යැවූ 29 වැනි පන්දුවේදී යුනිස් ඛාන් දැවී යාමත් සමගම ලකුණු 12 ක් ව තිබියදී පාකිස්තානු ඉනිමේ තුන්වැනි කඩුල්ලත් බිඳ වැටිණ. බාබර් අසාම් (නොදැවී 34) සහ අසාඞ් ශෆීක් (23) එක්ව මුලූ ලකුණු සංඛ්‍යාව 51 දක්වා තල්ලූ කරගෙන යාමට සමත් වූ නමුත් වමතින් මඳ වේග පන්දු යවන නීල් වැග්නර් පිට පිට යැවූ පන්දු දෙකකදී තවත් පිතිකරුවෝ දෙදෙනෙක් ආපසු කී‍්‍රඩාගාරයට ගියේ ලකුණු 51 දීම පාකිස්තානයේ පස්වැනි කඩුල්ලත් බිමට ඇද දමමිනි.

කෙසේ වෙතත් දිනය අවසන් වන තුරු සිය කඩුලූ රැකගත් බාබර් අසාම් සහ සර්ෆ‍්‍රාස් අහමඞ් හෙට දිනයට බලාපොරොත්තු කිිහිපයක් ඉතිරි කරගත්හ.

වසර 31 ක් පුරා පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලියක ජයක් සොයමින් සිටින නවසීලන්තය මෙම තගයේදීත් මුලදී අමාරුවේ වැටුණේ ලකුණු 119 කට කඩුලූ 5 ක් අහිමි කරගැනීමෙනි. එහෙත් කඩුලූ රකින්නා වූ බී. ජේ. වොට්ලිංගේ ධෛර්යවන්ත ඉනිමට හොඳ සහයෝගයක් දැක්වූ පසුපෙළ පිතිකරුවෝ නවසීලන්ත පිලේ මුල් ඉනිම ලකුණු 271 ක් දක්වා ඉහළ දැමූහ.

තණකොළ ඉතා විශාල වශයෙන් රැුඳී තිබුණු හැමිල්ටන් තණතීරුවෙන් වේග පන්දු යවන්නන්ට ලැබුණේ විශාල සහයෝගයකි.

”තිබුණු තත්ත්වයේ හැටියට අපිව ලකුණු 200 කට නැත්නම් 210 කට ගැලවිලා යන්නත් තිබුණා”

”පසුපෙළ පිතිකරුවන් එක්ක පන්දුවට පහර දීම එක වෙලාවකට අභියෝගයක් තමයි. ඒත් මම ඒකට කැමතියි.....අවධානය දිගටම එක විදිහට රඳවාගන්නත්  ඕනෑ. එත් පුළුවන් හැම වෙලාවකදීම ලකුණු ලබාගන්නත්  ඕනෑ” යයි තරගයෙන් අනතුරුව වොට්ලිං පැවසීය.

පළමු දිනයේ පැවැති වර්ෂාව නිසා යැවිය හැකිවූයේ  ඕවර 21 ක් පමණි. එහිදී නවසීලන්ත පිල කඩුලූ 2 කට ලකුණු 77 ක් ලබා සිටියේය.

නවසීලන්තය - පළමු ඉනිම 271
(ජීත් රාවල් 55, කේන් විලියම්සන් 13, රොස් ටේලර් 37, හෙන්රි නිකොල්ස් 13, කොලින් ඩි ග‍්‍රැන්ඩෝම් 37, බී. ජේ. වොට්ලිං නොදැවඳ 49, මිචෙල් සෑන්ට්නර් 16, ටිම් සවුති 29, මැතිව් හෙන්රි 15, මොහොමඞ් අමීර් 59/2, සොහේල් ඛාන් 99/4, ඉම්රාන් ඛාන් 52/3, වහබ් රියාස් 57/1)

පාකිස්තානය - පළමු ඉනිම කඩුලූ 5 ක් දැවී 79
(බාබර් අසාම් නොදැවී 34, අසාඞ් ශෆීක් 23, ටිම් සවුතී 26/3, නීල් වැග්නර් 15/2)

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.