TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ඕස්ටේ‍්‍රලියාව සටනට බසියි

. Views 1871 26 November 2016 22:44

ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ඇඩිලේඞ්  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වූ අද (26 වැනිදා) තරගය නතර කරන විය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි දකුණු අපි‍්‍රකානු කණ්ඩායම කඩුලූ 6 ක් දැවී ලකුණු 194 ක් ලබා  ඕස්ටේ‍්‍රලියාවට වඩා ලකුණු 70 ක් ඉදිරියෙන් සිටියේය.

ඕස්ටේ‍්‍රලියාවට වඩා ලකුණු 124 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ දකුණු අපි‍්‍රකාවට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ඉඩ නොදුන් මිචෙල් ස්ටාර්ක් පළමු  ඕවරයේදීම ආරම්භක පිතිකරු ඞීන් එල්ගර් ලකුණු ලබාගැනීමට පෙරාතුවම ආපසු කී‍්‍රඩාගාරය වෙත හරවා යැවීය.

කෙසේ වුවත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ස්ටීවන් කුක් (නොදැවී 81) සහ හෂීම් අම්ලා (45) දකුණු අපි‍්‍රකානු කණ්ඩායම යම් ස්ථාවර මට්ටමකට රැගෙන ගියහ.

කලකට පසුව නැවතත් ලකුණු අතරට පැමිණි හෂීම් අම්ලා හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු රැස්කළ අතර අර්ධ ශතකය පෙනි පෙනි තිබියදී ජොෂ් හෙසල්වුඞ්ගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින කි‍්‍රඩක මැතිව් වේඞ් අතට උඩ පන්දුවක් දෙමින් ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී එක් අන්තයක් රැුකගෙන ඉතා සංයමයකින් යුතුව පන්දුවට පහරදුන් ස්ටීවන් කුක්, හතරේ පහර 7 ක් සමගින් ලකුණු 81 ක් ලබා දිනය නිමාවන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.

එතැන් සිට මුලූ ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 49 ක් එක්වන විට හතරේ පහර 4 ක් සමගින් ලකුණු 26 ක් ලබා සිටි ජේ. පී. ඩුමිනි දකුණු අපි‍්‍රකානු ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ නේතන් ලයන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි.

පළමු ඉනිමේදී අගනා ශතකයක් ලබාගත් නායක ෆෆ් ඩුප්ලෙසිස්ට දෙවැනි ඉනිමේදී සාර්ථක වීමට ඉඩක් නොලැබුණ අතර මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ පීටර් හෑන්ස්කොම්බ් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ඩුප්ලෙසිස් ලබා සිටියේ ලකුණු 12 ක් පමණි.

ටෙම්බා බවුමා ලකුණු 21 කට පිටියෙන් ඉවත් කළ නේතන් ලයන්, කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිම්න් කයිල් ඇබට් ලකුණු ලබාගැනීමට පෙර ආපසු කි‍්‍රඩාගාරය වෙත හරවා යැවූයේ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ඉතා අසීරු තත්ත්වයට ඇද දමමිනි.  

ඊයේ (25 වැනිදා) දිනය නිමාවන විට කඩුලූ 6 ක් දැවී ලකුණු 307 ක් ලබා සිටි  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට අදි දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 76 ක් එක්කරගත්තේය.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 145 ක් ලබා සිටි උස්මන් කවාජා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමින් පිටියෙන් ඉවත් කිරීමට වර්නන් පිලැන්ඩර් සමත් විය.

සිය 7 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් මිචෙල් ස්ටාක් (53)  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා මනා දායකත්වයක් සැපයීය. කගීෂෝ රබාඩාගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ස්ටාක්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වී තිබිණ.

දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම - කඩුලූ 9 ක් දැවී 259
(ස්ටීවන් කුක් 40, ෆෆ් ඩුප්ලෙසිස් නොදැවී 118, ක්වින්ටින් ඩි කොක් 24, කයිල් ඇබට් 17, තබ්රිස් ශම්සි නොදැවී 18, මිචෙල් ස්ටාක් 78/2, ජොස් හේසල්වුඞ් 68/4, ජැක්සන් බර්ඞ් 57/2, නේතන් ලයන් 45/1)

ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම -  කඩුලූ 6 ක් දැවී 307
(උස්මන් කවාජා 145, ස්ටීවන් ස්මිත් 59, පීටර් හෑන්ස්කොම්බ් 54, මිචෙල් ස්ටාර්ක් 54, කයිල් ඇබට් 49/3, කගීෂෝ රබාඩා 84/3, වර්නන් පිලැන්ඩර් 100/2)

දකුණු අප‍්‍රිකාව දෙවැනි ඉනිම - කඩුලූ 6 ක් දැවී 194
(ස්ටීවන් කුක් නොදැවී 81, හෂීම් අම්ලා 45, ජේ. පී. ඩුමිනි 26, ටෙම්බා බවුමා 21, නේතන් ලයන් 48/3, මිචෙල් ස්ටාක් 71/2)

-036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.