TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

පළඟ ශූරතාවය සැරසන්ස් පිලට

රොෂාන් ගුණරත්න Views 417 9 February 2017 21:36

අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති පළඟ ශූරතාවය සදහා පැවැති සියලු තරග අවසාන වන විටදී ප්‍රසාද ලකුණු 61.31 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් සැරසන්ස් ක්‍රීඩා සමාජය ශූරතාවය දිනා ගැනීමට සමත්විය.


මූලික වටයේදී ‘බී’ කාණ්ඩය යටතේ තරග හයකට ක්‍රීඩා කරමින් එක් තරගයක් පරාජයවී තරග පහක් ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමින් ප්‍රසාද ලකුණු 41.90 ක් ලබාගත් සැරසන්ස් කණ්ඩායමට හිමිවූයේ හයවැනි ස්ථානයයි.


බී.ආර්.සී සහ මූවර්ස් කණ්ඩායම් සමගින් පළඟ ශූරතාවය සදහා සුදුසුකම් ලබාගත් සැරසන්ස් කණ්ඩායම එහිදී පැවැති තරග තුනම ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමින් ප්‍රසාද ලකුණු 36.36 ක් ලබාගැනීමට සමත්විය. මූලික වටයේදී බී.ආර්.සී සහ මූවර්ස් කණ්ඩායම් වලට එරෙහිව ලබාගත් ප්‍රසාද ලකුණු 24.96 ත් සමගින් පළඟ ශූරතාවය සදහා පැමිණි සැරසන්ස් ක්‍රීඩා සමාජය තරගාවලිය අවසන් වනවිටදී ප්‍රසාද ලකුණු 61.31 ක් ලබාගැනීමට සමත්විය.


ප්‍රසාද ලකුණු 28.08 ක් ලබාගත් ගාල්ල ක්‍රීඩා සමාජය පළඟ ශූරතා ප්‍රසාද ලකුණු සටහනෙහි අවසන් ස්ථානයේ පසුවන බැවින් ලබන වසරේදී ඔවුන්ට අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ තරග කිරීමට සිදුවනු ඇත.

 

පළඟ ශූරතාවය
කණ්ඩායම තරග ජය පරාජ වි.තො. ත.ල.ස ලකුණු
සැරසන්ස් ක්‍රීඩා සමාජය 5 0 0 5 0 61.31
බී.ආර්.සී 5 0 0 5 0 54.10
බදුරලිය ක්‍රිකට් සමාජය 5 1 0 4 0 41.73
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය 5 0 0 5 0 37.39
මූවර්ස් ක්‍රීඩා සමාජය 5 0 0 5 0 29.56
ගාල්ල ක්‍රිකට් සමාජය 5 0 1 4 0 28.08


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.