TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ලකුණු 1000 පෙනි පෙනී නිපුන් නතර වෙයි

රොෂාන් ගුණරත්න Views 1338 9 February 2017 21:59

අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ සුපිරි අට සහ පළඟ ශූරතාවලියේ තෙවැනි සතිය අවසාන වනවිට බ්ලූම්ෆීල්ඞ් පිල නියෝජනය කරන නිපුන් කරුණානායක තරග නවයකට සහභාගීවී ශතක තුනක් සහ අර්ධ ශතක හතරක් සමගින් ලකුණු 926 ක් රැස්කරමින් තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වී ඇත.

 


බ්ලූම්ෆීල්ඞ් කණ්ඩායම නියෝජනය කරන නිපුන් කරුණානායකට ලකුණු 1000 සම්පූර්ණ කිරීම සදහා අවශ්‍ය වන්නේ තවත් ලකුණු 74 ක් වුවද පළඟ ශූරතාවලියේ තරග කිරීම හේතුවෙන් ඔවුන්ගේ තරග සියල්ල මේ වනවිට අවසන්වී ඇති බැවින් ඔහුට එම අවස්ථාව ගිලිහී ගියේය.


තරගාවලියේ පළමු ද්විත්ව ශතකය බ්ලූම්ෆීල්ඞ් පිලට එරෙහිව (237) ලබාගනිමින් ඉනිමක වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වි සිටින හලාවත මේරියන්ස් පිලේ ශෙහාන් ජයසූරිය තරග නවයකදී ශතක දෙකක් සහ අර්ධ ශතක තුනක් සමගින් ලකුණු 824 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර සිව්වැනි ස්ථානයේ රැඳී සිටින්නේය.


තරග නවයකට සහභාගීවී කඩුලු 77 ක් බිද හෙළමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වන්නට වමතින් දගපන්දු යවන්නකුවන හලාවත මේරියන්ස් කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර සමත්වී ඇත. මේවනවිට කඩුලු පහ බැගින් ඉනිම නවයකදී සහ කඩුලු 10 බැගින් තරග හතරකදී දවාගැනිමට මාලින්ද සමත්විය.


තරගාවලියේ දැනට වාර්තාවී ඇති ඉනිමක හොදම පන්දු යැවීම කෝල්ට්ස් පිලට එරෙහිව වාර්තා කිරීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් දකුණතින් වේගපන්දු යවන අරෝෂ් ජනෝද (38/7) සමත්වී තිබේ. අරෝෂ් ජනෝදට අමතරව මාලිංද පුෂ්පකුමාර, අමිල අපෝන්සු, අලංකාර අසංක, සචිත්‍ර පෙරේරා සහ දිනුක් හෙට්ටිආරච්චී කඩුලු හත බැගින් දවාගැනීමට සමත්වූහ.


තරගයක හොඳම පන්දු යැවීම හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට එන්.සී.සී කණ්ඩායම නියෝජනය කරන තරිදු කෞශාල් (131/11) සමත්වී ඇත. හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන මාලින්ද පුෂ්පකුමාර, රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරන අමිල අපෝන්සු සහ බදුරලිය ක්‍රීඩා සමාජය නියෝජනය කරන දුවිඳු තිලකරත්නද කඩුලු 11 බැගින් දවාගැනීමට සමත්වූහ.


මේවනවිට තරගාවලියේදී ශතක හතරක් ලබාගැනීමට රොන් චන්ද්‍රගුප්ත (සී.සි.සී.) සමත්වී ඇති අතර නිපුන් කරුණානායක (බ්ලූම්ෆීල්ඞ්), සධීර සමරවික්‍රම (කෝල්ට්ස්) සහ උදාර ජයසුන්දර (රාගම) ශතක තුන බැගින් ලබාගැනීමට සමත්වී සිටිති.
තරගාවලියේ දෙවැනි ද්විත්ව ශතකය සී.සි.සී. පිලට එරෙහිව ලබාගැනීමට හලාවත මේරියන්ස් පිලේ සචිත්‍ර සේරසිංහ පසුගිය සතියේදී සමත්විය.

 

2017/02/08 දින දක්වා පැවැති තරගවල දස්කම් ඇතුළත් කර තිබේ.

 

තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවෝ දසදෙනා
 

ලකුණු ක්‍රීඩකයා කණ්ඩායම තරග වැ.ල 100 50
926 නිපුන් කරුණානායක බ්ලූම්ෆීල්ඩ් 9 183 3 4
871 සධීර සමරවික්‍රම කෝල්ට්ස් 9 130 3 4
837 රොන් චන්ද්‍රගුප්ත සී.සි.සී 9 157 4 2
824 ශෙහාන් ජයසූරිය හලාවත මේරියන්ස් 9 237 2 3
749 ඇන්ජලෝ පෙරේරා එන්.සී.සී 9 139* 2 4
711 සචිත්‍ර සේරසිංහ හලාවත මේරියන්ස් 9 207 2 3
676 ළහිරු ජයකොඩි බ්ලූම්ෆීල්ඩ් 9 118* 1 5
641 තරංග පරණවිතාන ද්‍රවිඩ සංගමය 9 109 2 3
614 රොෂේන් සිල්වා රාගම 9 109 1 5
612 රුමේෂ් බුද්ධික බී.ආර්.සී 9 133 2 1
 

ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවෝ (ලකුණු 150  ට වැඩි)
 

ලකුණු ක්‍රීඩකයා කණ්ඩායම ප්‍රතිවාදීන් ක්‍රීඩාංගණය
237 ශෙහාන් ජයසූරිය හලාවත මේරියන්ස් බ්ලූම්ෆීල්ඩ් බ්ලූම්ෆීල්ඩ්
207 සචිත්‍ර සේරසිංහ හලාවත මේරියන්ස් සී.සි.සී පනාගොඩ
191 ඩිල්ශාන් මුණවීර සී.සි.සී බී.ආර්.සී සී.සි.සී
189 සංගීත් කුරේ සැරසන්ස් රාගම තර්ස්ටන්
183 නිරෝෂන් දික්වැල්ල එන්.සී.සී බ්ලූම්ෆීල්ඩ් එන්.සී.සී
183 නිපුන් කරුණානායක බ්ලූම්ෆීල්ඩ් ගාල්ල බ්ලූම්ෆීල්ඩ්
181* ශානුක දුලාජ මූවර්ස් යුද හමුදාව මූවර්ස්
168 ශෙහාන් ජයසූරිය හලාවත මේරියන්ස් ගාල්ල කටුනායක
167 යශෝද ලංකා ගාල්ල බී.ආර්.සී බ්ලූම්ෆීල්ඩ්
164 ළහිරු මදුෂංක සී.සි.සී ද්‍රවිඩ සංගමය කෝල්ට්ස්
158 අසේල ගුණරත්න යුද හමුදාව බී.ආර්.සී පනාගොඩ
157 රොන් චන්ද්‍රගුප්ත සී.සි.සී ද්‍රවිඩ සංගමය කෝල්ට්ස්
156* ලසිත් අබේරත්න සී.සි.සී මූවර්ස් මූවර්ස්
152 ලක්ෂිත මදුශාන් යුද හමුදාව සැරසන්ස් මූවර්ස්
151 ජීවන් මෙන්ඩිස් ද්‍රවිඩ සංගමය එන්.සි.සී පී. සරවනමුත්තු
151 සචිත්‍ර සේරසිංහ හලාවත මේරියන්ස් ගාල්ල කටුනායක
 

තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නෝ (කඩුලු 35 ට වැඩි)
 

කඩුලු ක්‍රීඩකයා කණ්ඩායම තරග ඉ.හො.ප ත.හො.ප
77 මාලින්ද පුෂ්පකුමාර හලාවත මේරියන්ස් 9 52/7 148/11
57 මලිත් ද සිල්වා බ්ලූම්ෆීල්ඩ් 9 148/6 153/9
52 දිනුක් හෙට්ටිආරච්චී බී.ආර්.සි 9 158/7 158/7
51 අමිල අපෝන්සු රාගම 9 71/7 136/11
51 අලංකාර අසංක බදුරලිය 9 87/7 157/10
39 සුරාජ් රංදීව් සැරසන්ස් 9 85/6 145/9
37 කසුන් රාජිත සැරසන්ස් 9 59/6 223/8
36 තරිඳු කෞෂාල් එන්.සී.සී 9 78/6 131/11
35 මදුක ලියනපතිරණගේ හලාවත මේරියන්ස් 9 36/6 64/10
35 චතුරංග ද සිල්වා එන්.සී.සී 6 67/6 105/7
35 සචිත්‍ර සේනානායක එස්.එස්.සී 8 31/4 84/8
35 රොෂාන් ජයතිස්ස ගාල්ල 8 101/5 270/9
 

ඉනිමක හොදම පන්දු යැවීම (කඩුලු 7 ට වැඩි)
 

කඩුලු ක්‍රීඩකයා කණ්ඩායම ප්‍රතිවාදීන්
38/7 අරෝෂ් ජනෝද හලාවත මේරියන්ස් කෝල්ට්ස්
52/7 මාලින්ද පුෂ්පකුමාර හලාවත මේරියන්ස් එස්.එස්.සී
58/7 මාලින්ද පුෂ්පකුමාර හලාවත මේරියන්ස් සී.සි.සී
71/7 අමිල අපෝන්සු රාගම යුද හමුදාව
85/7 අමිල අපෝන්සු රාගම කෝල්ට්ස්
87/7 අලංකාර අසංක බදුරලිය ද්‍රවිඩ සංගමය
92/7 සචිත්‍ර පෙරේරා මූවර්ස් සැරසන්ස්
158/7 බී.ආර්.සී ගාල්ල බ්ලූම්ෆීල්ඩ්
 

තරගයක හොදම පන්දු යැවීම (කඩුලු 10 ට වැඩි)
 

කඩුලු ක්‍රීඩකයා කණ්ඩායම ප්‍රතිවාදීන්
131/11 තරිදු කෞෂාල් එන්.සී.සී හලාවත මේරියන්ස්
136/11 අමිල අපෝන්සු රාගම යුදහමුදාව
148/11 මාලින්ද පුෂ්පකුමාර හලාවත මේරියන්ස් ගාල්ල
159/11 දුවිදු තිලකරත්න බදුරලිය එන්.සී.සී
64/10 මදුක ලියනපතිරණගේ හලාවත මේරියන්ස් බදුරලිය
88/10 මාලින්ද පුෂ්පකුමාර හලාවත මේරියන්ස් බදුරලිය
109/10 මාලින්ද පුෂ්පකුමාර හලාවත මේරියන්ස් සී.සි.සී
125/10 ලසිත් ඇඹුල්දෙණිය එන්.සී.සී කෝල්ට්ස්
144/10 මාලින්ද පුෂ්පකුමාර හලාවත මේරියන්ස් එස්.එස්.සී
151/10 සචිත්‍ර පෙරේරා මූවර්ස් සැරසන්ස්
155/10 ජෙෆ්රී වැන්ඩර්සේ එස්.එස්.සි හලාවත මේරියන්ස්
157/10 අලංකාර අසංක බදුරලිය ද්‍රවිඩ සංගමය


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.