TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

වනිඳු හසරංග එස්.එස්.සී. පිල දණගස්වයි

රොෂාන් ගුණරත්න Views 1185 14 February 2017 18:25

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ එස්.එස්.සී. සහ සී.සී.සී කණ්ඩායම් අතර බි.ආර්.සී. ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය නිමාවන විටදී පළමු ඉනිම සදහා ලකුණු 89 කට කඩුලු 6 ක් අහිමිකර ගැනීමට සී.සී.සී කණ්ඩායමට සිදුවිය.


කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එස්.එස්.සී. කණ්ඩායමට පළමු ඉනිමේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 147 ක් පමණි.


පාදඟ පන්දු යවන වනිඳු හසරංග ලකුණු 15 කට එස්.එස්.සී. පිතිකරුවන් පස්දෙනෙකු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත්විය.

 

එස්.එස්.සී. - පළමු ඉනිම - ඕවර 47 කදී සියලුදෙනා දැවී ලකුණු 147
(මිනෝද් භානුක 24, කෞෂාල් සිල්වා 47, කවිඳු කුලසේකර නොදැවී 43, වනිඳු හසරංග 15/5, රනිත ලියනාරච්චී 35/2)

සී.සී.සී. - පළමු ඉනිම - ඕවර 20.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 89
(රොෂාන් අනුරුද්ධ නොදැවී 25, ඩිල්ෂාන් අබේසිංහ 44/3, සචිත්‍ර සේනානායක 14/2)

---------------------------------------------------------------------------------------------------------

ද්‍රවිඩ සංගමය අවදානම් තත්වයක

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ කෝල්ට්ස් සහ ද්‍රවිඩ සංගම් පිල අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය නිමාවන විටදී පළමු ඉනිම සදහා ලකුණු 117 කට කඩුලු 6 ක් අහිමිකර ගැනීමට ද්‍රවිඩ සංගම් පිලට සිදුවිය.


කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කෝල්ට්ස් පිලට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 218 ක් පමණී. ලකුණු 126 කට කඩුලු 7 ක් දැවී අසිරූ තත්වයක සිටි කෝල්ට්ස් පිලට ජීවයක් ලබාදීමට අකිල ධනංජය සමත්විය. පන්දු 64 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 52 ක් රැස්කළ අකිල ධනංජය අටවන කඩුල්ල සදහා ලකුණු 56 ක සම්බන්ධතාවයක් ප්‍රියමාල් පෙරේරා සමගින්ද අවසන් කඩුල්ල සදහා ලකුණු 36 ක සම්බන්ධතාවයක් අලී ඛාන් සමගින්ද පැවැත්වීමට සමත්විය.

 

කෝල්ට්ස් -  පළමු ඉනිම - ඕවර 52.2 කදී සියලුදෙනා දැවී ලකුණු 218
(සධීර සමරවික්‍රම 52, පසිඳු ලක්ශංක 23, ප්‍රියමාල් පෙරේරා 47, අකිල ධනංජය නොදැවී 52, දුලාංජන මෙන්ඩිස් 71/5, රමිත රඹුක්වැල්ල 75/4)

ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 33 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 117
(සිතාර ගිම්හාන් 43, කිත්රුවන් විතානගේ 26, පුලින තරංග 21, ඉශාන් ජයරත්න 19/2, අලී ඛාන් 45/2)

---------------------------------------------------------------------------------------------------------

නිලංක ප්‍රේමරත්නගෙන් කඩුලු 5 ක්

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ හලාවත මේරියන්ස් සහ රාගම කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය නිමාවන විටදී පළමු ඉනිම සදහා කඩුලු 2 දැවී ලකුණු 86 ක් රැස්කිරීමට රාගම පිල සමත්විය.


පළමුව පන්දුවට පහරදුන් හලාවත මේරියන්ස් පිලට පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 168 ක් පමණි. වමතින් වේගපන්දු යවන නිලංක ප්‍රේමරත්න ලකුණු 41 කට කඩුලු පහක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 41.4 කදී සියලුදෙනා දැවී ලකුණු 168
(මහේල උඩවත්ත 41, නිලංක ප්‍රේමරත්න 41/5, සහන් නානායක්කාර 18/2)

රාගම - පළමු ඉනිම - ඕවර 30 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 86
(සමින්ද ප්‍රනාන්දු නොදැවී 50)

---------------------------------------------------------------------------------------------------------
එන්.සී.සී. 268, යුදහමුදා 0/23

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ එන්.සී.සී. සහ යුදහමුදා කණ්ඩායම් අතර කටුනායක නිදහස් වෙළඳ කලාපීය ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය නිමාවන විටදී පළමු ඉනිම සදහා කිසිවකු නොදැවී ලකුණු 23 ක් රැස්කිරීමට යුදහමුදා පිල සමත්විය.


පළමුව පන්දුවට පහරදුන් එන්.සී.සී. පිල සියලුදෙනා දැවී පළමු ඉනිම සදහා ලකුණු 268 ක් රැස්කිරීමට සමත්විය. ඇන්ජලෝ පෙරේරා සහ තිමිර ජයසිංහ අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර යශෝද මෙන්ඩිස් ලකුණු 65 කට කඩුලු 4 ක් සහ දුශාන් විමුක්ති ලකුණු 64 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

එන්.සී.සී. - පළමු ඉනිම - ඕවර 68.2 කදී සියලුදෙනා දැවී ලකුණු 268
(ළහිරු උදාර 35, ජෙහාන් මුබාරක් 39, ඇන්ජලෝ පෙරේරා 53, චතුරංග ද සිල්වා 42, තිමිර ජයසිංහ 53, යශෝද මෙන්ඩිස් 65/4, දුශාන් විමුක්ති 64/3, ජනිත් සිල්වා 41/2)

යුදහමුදා - පළමු ඉනිම - ඕවර 5 කදී කිසිවකු නොදැවී ලකුණු 23

 

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.