TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

එන්.සී.සී. පිලට ලකුණු 176 ක ජයක්

රොෂාන් ගුණරත්න Views 919 16 February 2017 21:49

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේදී යුදහමුදා කණ්ඩායමට  එරෙහිව ලකුණු 176 ක ජයක් හිමිකර ගැනීමට එන්.සී.සී. කණ්ඩායම අද (16 වැනිදා) සමත්විය. මෙම තරගය එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ජයග්‍රහණය සදහා ලකුණු 308 ක ඉලක්කයක් හඹාගිය යුදහමුදා කණ්ඩායමට සියලුදෙනා දැවී සිය දෙවැනි ඉනිම සදහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 131 ක් පමණි. ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 42 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.


ඊයේ තරගය නතර කරනවිට කඩුලු 4 කට ලකුණු 139 ක් රැස්කර ගෙනසිටි එන්.සී.සී. කණ්ඩායමට අද දිනයේදී සියලුදෙනා දැවී දෙවැනි ඉනිම සදහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 266 ක් පමණි. පිත්තෙන් දස්කම් දැක්වූ ඇන්ජලෝ පෙරේරා පන්දු 134 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 106 ක් රැස්කිරීමට සමත්විය.

 

එන්.සී.සී. - පළමු ඉනිම - ඕවර 68.2 කදී සියලුදෙනා දැවී ලකුණු 268
(ළහිරු උදාර 35, ජෙහාන් මුබාරක් 39, ඇන්ජලෝ පෙරේරා 53, චතුරංග ද සිල්වා 42, තිමිර ජයසිංහ 53, යශෝද මෙන්ඩිස් 65/4, දුශාන් විමුක්ති 64/3, ජනිත් සිල්වා 41/2)

යුදහමුදා - පළමු ඉනිම - ඕවර 70.3 කදී සියලුදෙනා දැවී ලකුණු 227
(ලක්ෂිත මදුශාන් 54, අශාන් රංදික 38, නවෝද් ඉලුක්වත්ත 27, ඩිල්ශාන් ද සොයිසා 38, ජනිත් සිල්වා 32, සචින්ත පීරීස් 43/4, චතුරංග ද සිල්වා 63/4)

එන්.සී.සී. - දෙවැනි ඉනිම - ඕවර 65.4 කදී සියලුදෙනා දැවී ලකුණු 266
(දිනේෂ් චන්දිමාල් 41, ඇන්ජලෝ පෙරේරා 106, චතුරංග ද සිල්වා 48, අනුක් ප්‍රනාන්දු 34, දනුෂික බණ්ඩාර 44/3, ඩිල්ශාන් ද සොයිසා 30/2, දුශාන් විමුක්ති 70/2)

යුදහමුදා - දෙවැනි ඉනිම - ඕවර 34 කදී සියලුදෙනා දැවී ලකුණු 131
(ලක්ෂිත මදුශාන් 39, දුශාන් විමුක්ති 31, ජනිත් සිල්වා 24, ලසිත් ඇඹුල්දෙණිය 42/4, චතුරංග ද සිල්වා 33/2)

----------------------------------------------------------------------------------------------------------
ද්‍රවිඩ සංගම් පිලට ලකුණු 462 ක ඉලක්කයක්

න්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ කෝල්ට්ස් සහ ද්‍රවිඩ සංගම් පිල අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය (16 වැනිදා) නිමාවන විටදී ලකුණු 462 ක ඉලක්කයක් හඹායන ද්‍රවිඩ සංගම් පිල දෙවැනි ඉනිම සදහා කඩුලු 4 කට ලකුණු 203 ක් රැස්කිරීමට සමත්විය.


මනෝජ් සරත්චන්ද්‍ර සහ සිතාර ගිම්හාන් අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.


ඊයේ තරගය නතර කරනවිට කඩුලු 3 කට ලකුණු 248 ක් රැස්කර ගෙනසිටි කෝල්ට්ස් කණ්ඩායමට අද දිනයේදී සියලුදෙනා දැවී දෙවැනි ඉනිම සදහා ලකුණු 411 ක් රැස්කිරීමට සමත්විය. ඇන්ජලෝ ජයසිංහ, විශාද් රංදික සහ ප්‍රියමාල් පෙරේරා අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. දකුණතින් වේග පන්දු යවන ප්‍රමෝද් ලියනගමගේ ලකුණු 112 කට කඩුලු පහක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

කෝල්ට්ස් -  පළමු ඉනිම - ඕවර 52.2 කදී සියලුදෙනා දැවී ලකුණු 218
(සධීර සමරවික්‍රම 52, පසිඳු ලක්ශංක 23, ප්‍රියමාල් පෙරේරා 47, අකිල ධනංජය නොදැවී 52, දුලාංජන මෙන්ඩිස් 71/5, රමිත රඹුක්වැල්ල 75/4)

ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 45.2 කදී සියලුදෙනා දැවී ලකුණු 168
(සිතාර ගිම්හාන් 43, කිත්රුවන් විතානගේ 26, පුලින තරංග 21, චරිත් ජයම්පති 24, ඉශාන් ජයරත්න 40/5, අලී ඛාන් 55/2, අකිල ධනංජය 64/2)

කෝල්ට්ස් -  දෙවැනි ඉනිම - ඕවර 117.3 කදී සියලුදෙනා දැවී ලකුණු 411
(සධීර සමරවික්‍රම 93, ඇන්ජලෝ ජයසිංහ 81, විශාද් රංදික 84, ප්‍රියමාල් පෙරේරා 88, ඉෂාන් ජයරත්න 22, ප්‍රමෝද් ලියනගමගේ 112/5, දුලාංජන මෙන්ඩිස් 108/3)

ද්‍රවිඩ සංගමය - දෙවැනි ඉනිම - ඕවර 47 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 203
(සිතාර ගිම්හාන් නොදැවී 79, දිනෙත් තිමෝද්‍ය 37, මනෝජ් සරත්චන්ද්‍ර 59, ඉෂාන් ජයරත්න 50/2)

----------------------------------------------------------------------------------------------------------
රාගමට ලකුණු 188 ක ඉලක්කයක්

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ හලාවත මේරියන්ස් සහ රාගම කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය නිමාවන විටදී ලකුණු 188 ක ඉලක්කයක් හඹායන රාගම කණ්ඩායම දෙවැනි ඉනිම සදහා කඩුල්ලක් දැවී ලකුණු 114 ක් රැස්කිරීමට රාගම පිල සමත්විය.


ඊයේ තරගය නතර කරනවිට කඩුලු 2 කට ලකුණු 116 ක් රැස්කර ගෙනසිටි හලාවත මේරියන්ස් කණ්ඩායමට අද දිනයේදී සියලුදෙනා දැවී දෙවැනි ඉනිම සදහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 295 ක් පමණි. මහේල උඩවත්ත, සචිත්‍ර සේරසිංහ සහ මදුක ලියනපතිරණගේ අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර වමතින් දඟපන්දු යවන සහන් නානායක්කාර ලකුණු 92 කට කඩුලු හතක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 41.4 කදී සියලුදෙනා දැවී ලකුණු 168
(මහේල උඩවත්ත 41, නිලංක ප්‍රේමරත්න 41/5, සහන් නානායක්කාර 18/2)

රාගම - පළමු ඉනිම - ඕවර 85 කදී සියලුදෙනා දැවී ලකුණු 276
(සමින්ද ප්‍රනාන්දු 93, අක්ශු ප්‍රනාන්දු 26, සමීර ද සොයිසා 27, කොෂාන් ධනුෂ්ක 50, අරෝෂ් ජනෝද 45/5, ශෙහාන් ජයසූරිය 50/3)

හලාවත මේරියන්ස් - දෙවැනි ඉනිම - ඕවර 96.5 කදී සියලුදෙනා දැවී ලකුණු 295
(අශේන් සිල්වා 29, මහේල උඩවත්ත 52, සචිත්‍ර සේරසිංහ 56, රුක්ෂාන් ප්‍රනාන්දු 46, මදුක ලියනපතිරණගේ නොදැවී 54, සහන් නානායක්කාර 92/7)

රාගම - පළමු ඉනිම - ඕවර 31 කදී කඩුල්ලක් දැවී ලකුණු 114
(ජනිත් ලියනගේ 23, ළහිරු මිලන්ත නොදැවී 44, සමින්ද ප්‍රනාන්දු නොදැවී 41)

 

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.