TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

සීමිත ඕවර ක්‍රිකට් 6 දා දක්වා තහනම්

යොහාන් භාසුර Views 623 4 March 2017 16:57

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානම ක්‍රිකට් තරගාවලිය වන පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීම තහනම් කරමින් අධිකරණ පැනවූ තහනම මේ මස 6 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

එම තරගාවලියෙන් ඉවත් කළ මීගමුව ක්‍රිකට් සමාජය තමන්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයේ පනවා ඇති මෙම නඩුව මේ මස 01 වැනිදා නැවත කැඳවීය.

මෙම තරගාවලිය කණ්ඩායම් 23 ක සහභාගිත්වයෙන් පසුගිය පෙබරවාරි මස 18 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණ ද අධිකරණ නියෝගය අනුව අත්හිටුවීමට සිදුවිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ 6 වැනිදා අධිකරණ කටයුතු අවසන් වීමෙන් පසුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.

“අපි හිතනවා 6 වැනිදා තීන්දුවක් දෙයි කියලා. මීගමුව ක්‍රිකට් සමාජය මේ ප්‍රශ්නය සමතයකට පත්කර ගැනීමට ද සූදානම් බව අපිට දැනගන්න ලැබී තිබෙනවා” යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.   

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.