TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ශ්‍රී ලංකා පිතිකරුවෝ අභීත සටනක

දමින්ද විජේසූරිය Views 3532 18 March 2017 18:00

දිවා ආහාරයෙන් පසු නව පණක් ලද මුස්ටෆිසුර් රෙහෙමාන් සහ සකිබ් අල් හසන් එක්ව ලකුණු 47 ක් ඇතුළත කඩුලු 5 ක් බිම දැමීම නිසා කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (18 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම බරපතළ අමාරුවක වැටිණ. දෙවැනි ඉනිමේ පස්වැනි කඩුල්ල බිඳ වැටෙන විටත් බංග්ලාදේශයට වඩා ශ්‍රී ලංකා පිල ඉදිරියෙන් සිටියේ ලකුණු 61 කින් පමණි.

ශ්‍රී ලංකාව - පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න - ඇ.මෙහෙදි හසන් ප.මුසටෆිසුර් 7
උපුල් තරංග - ඇ.සෞම්‍ය සාර්කර් ප.මෙහෙදි හසන් 11
කුසල් මෙන්ඩිස් - ස්ට.රහීම් ප.මෙහෙදි හසන් 5
දිනේෂ් චන්දිමාල් - මොසඩක් හොසේන් ප.මෙහෙදි හසන් 138
අසේල ගුණරත්න  - ක.මු.කළා ප.සුබෂිස් රෝයි 13
ධනංජය ද සිල්වා - ප.තයිජුල් ඉස්ලාම් 34
නිරෝෂන් දික්වැල්ල - ප.සකිබ් අල් හසන්  34
ඩිල්රුවන් පෙරේරා - ඇ.සෞම්‍යා සාර්කර් ප.මුස්ටෆිසුර් 9
රංගන හේරත් - ඇ.සෞම්‍ය සාර්කර් ප.සකිබ් අල් හසන් 25
සුරංග ලක්මාල් - ඇ.සෞම්‍ය සාර්කර් ප.සුබෂිස් රෝයි 35
ලක්ෂාන් සඳකැන් - නොදැවී  5
අතිරේක (නි.ල.-01, පා.ල.-13, ව-06, නිප-02, ) 22
එකතුව ඕවර 113.3 කදී සියලු දෙනා දැවී  338
කඩුලු වැටීම 
1-13(කරුණාරත්න), 2-24(මෙන්ඩිස්), 3-35(තරංග), 4-70(අසේල), 5-136(ධනංජය), 6-180(දික්වැල්ල), 7-195(ඩිල්රුවන්), 8-250(හේරත්), 9-305(චන්දිමාල්), 10-338(ලක්මාල්)
පන්දු යැවීම
මුස්ටෆිසුර් රෙහෙමාන් 21-6-50-2  
සුබෂිස් රෝයි 17.3-2-53-2  
මෙහෙදි හසන් 21-2-90-3  
තයිජුල් ඉස්ලාම් 17-2-40-1  
සකිබ් අල් හසන් 33-4-80-2  
මොසදික් හොසේන්  4-0-11-0  
බංග්ලාදේශය - පළමු ඉනිම 
ටමීම් ඉක්බාල් - ක.මු.කළා ප.හේරත් 49
සෞම්‍ය සාර්කර් - ප.සඳකැන් 61
ඉම්රුල් කේයිස් - ක.මු.කළා ප.සඳකැන් 34
සබ්බීර් රහමන් - ඇ.ධනංජය ප.ලක්මාල් 42
තයිජුල් ඉස්ලාම් - ක.මු.කළා ප.සඳකැන් 0
සකිබ් අල් හසන් - ඇ.චන්දිමාල් ප.සඳකැන්  116
මුෂ්ෆිකුර් රහීම් - ප.ලක්මාල් 52
මොසද්දික් හොසේන් - ස්ට.දික්වැල්ල ප.හේරත් 75
මෙහෙදි හසන් - ක.මු.කළා ප.හේරත් 24
මුස්ටෆිසුර් රෙහෙමාන් - ක.මු.කළා ප.හේරත් 0
සුබෂිස් රෝයි - නොදැවී  0
අතිරේක (නිල-04, පාල-08, ව.ප. -02) 14
එකතුව ඕවර 134.1 කදී සියලු දෙනා දැවී 467
කඩුලු වැටීම 
1-95(ටමීම් ඉක්බාල්), 2-130(සාර්කර්), 3-192(ඉම්රුල් කේයිස්), 4-192(තයිජුල් ඉස්ලාම්), 5-198(සබීර් රහමන්), 6-290(මුෂ්ෆිකුර් රහීම්), 7-421(සකිබ් අල් හසන්), 8-454(මෙහෙදි හසන්), 9-454(මුස්ටෆිසුර්), 10-467(මොසද්දික් හොසේන්)
පන්දු යැවීම 
සුරංග ලක්මාල් 25-3-90-2  
ඩිල්රුවන් පෙරේරා 33-5-100-0  
රංගන හේරත් 34.1-6-82-4  
අසේල ගුණරත්න  7-0-38-0  
ලක්ෂාන් සඳකැන් 33-2-140-4  
ධනංජය ද සිල්වා  2-0-05-0  
ශ්‍රී ලංකාව - දෙවැනි ඉනිම 
දිමුත් කරුණාරත්න - සෞම්‍ය සාර්කර් ප.සකිබ් අල් හසන් 126
උපුල් තරංග - ප.මෙහෙදි හසන් 26
කුසල් මෙන්ඩිස් - මුෂ්ෆිකුර් රහීම් ප.මුස්ටෆිසුර් 36
දිනේෂ් චන්දිමාල් -  මුෂ්ෆිකුර් රහීම් ප.මුස්ටෆිසුර් 5
අසේල ගුණරත්න - ක.මු.කළා ප.සකිබ් අල් හසන් 7
ධනංජය ද සිල්වා - ඇ.මුෂ්ෆිකුර් රහීම් ප.මුස්ටෆිසුර් 0
නිරෝෂන් දික්වැල්ල - ඇ.මුෂ්ෆිකුර් රහීම් ප.සකිබ් අල් හසන්  5
ඩිල්රුවන් පෙරේරා - නොදැවී 26
රංගන හේරත් - ක.මු.කළා ප.තයිජුල් ඉස්ලාම් 9
සුරංග ලක්මාල්  - නොදැවී  16
අතිරේක (නි.ල-04, පා.ල-07, ව.ප.-01) 12
එකතුව ඕවර 100 කදී කඩුලු 8 ක් දැවී  268
කඩුලු වැටීම 
1-57(උපුල් තරංග), 2-143(කුසල්), 3-165(චන්දිමාල්), 4-176(අසේල), 5-177(ධනංජය), 6-190(දික්වැල්ල), 7-217(කරුණාරත්න), 8-238(හේරත්)
පන්දු යැවීම
සුබෂිස් රෝයි 16-4-36-0  
මෙහෙදි හසන් 22-0-67-1  
මුසටෆිසුර් රෙහෙමාන් 19-3-52-3  
සකිබ් අල් හසන්  30-8-61-3  
මොසද්දික් හොසේන්  3-0-10-0  
තයිජුල් ඉස්ලාම්  10-1-31-1  
එහෙත් ධෛර්යය සහ සටන්කාමීත්වය මේ යැයි කියාදුන් දිමුත් කරුණාරත්න, ඩිල්රුවන් පෙරේරා, රංගන හේරත් සහ සුරංග ලක්මාල් එක්ව ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව කඩුලු 8 කට 268 දක්වා ඉහළ දැමුවේ ශ්‍රී ලංකා පිලේ වාසිය ලකුණු 139 දක්වා ඉහළ දමමිනි. මෙම වාසිය ලකුණු 175 ක් හෝ එතැනින් එහාට දමාගත හැකිනම් තරගයේ වාසිය නැවතත් ශ්‍රී ලංකා පිල දෙසට හරවා ගැනීම අපහසු නොවේ.

දෙවැනි ඉනිමේදී කවදත් සාර්ථක පිතිකරුවකු වන දිමුත් කරුණාරත්න පැය හයකට ආසන්න කාලයක් පිටියේ රැඳෙමින් පන්දු 244 කට මුහුණ දී ලකුණු 126 ක් ලබාගත් නමුත් දෙවැනි නව පන්දුව ලබාගැනීමෙන් ඕවර 1.3 කට පසුව පිටියෙන් ඉවත් විය.  දිමුත් පිටියෙන් ඉවත් වූවද නායක හේරත් සමග එක්වූ ඩිල්රුවන් පෙරේරා මුළු ලකුණු සංඛ්‍යාව 238 දක්වා තල්ලුකරගෙන ගියේ ශ්‍රී ලංකා පිලේ වාසිය ලකුණු 100 සීමාවෙන් එපිටට යවමිනි.

මෙම තරගය පුරාම ඉන්දීය ජාතික විනිසුරු එස්. රවී මහතාගේ තීරණ බෙහෙවින් දුර්වල මට්ටමක පැවැති නමුත් විතීවි ක්‍රමවේදයේ අනුහසින් කඩුලු ආරක්‍ෂා කරගැනීමට රංගන හේරත් මෙන්ම සුරංග ලක්මාල්ද වාසනාවන්ත වූහ. අද දිනයේ යවන ලද අවසන් පන්දුවේදී සුරංග ලක්මාල්ගේ උඩපන්දුවක් රැකගත්තේ යයි බංග්ලාදේශ ක්‍රීඩකයන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වීමත් සමගම සංචාරකයන්ගේ දෙවැනි නව පන්දුවේ විතීවි අවස්ථා දෙකම අවසන් වූයේ තරගයේ ඉරණම කෙරේ විශාල බලපෑමක් ඇතිකරමිනි.

පිටියට පැමිණ පන්දුවට මුහුණ දීමටත් පෙරම බංග්ලාදේශ ක්‍රීඩකයකු හා පැටළුණු සුරංග ලක්මාල් සහ ක්‍රීඩකයා අතර පැවැති බහින්බස් වීම නැවැත්වීමට බංග්ලාදේශ නායක මුෂ්ෆිකුර් රහීම්ටත් මැදිහත් වන්නට සිදුවූයේය. එහෙත් එයින්ම පන්නරය ලැබූ ලක්මාල් දිනය අවසන් වන විට නොදැවී ලකුණු 16 ක් ලබා සිටියේ ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමිනි.

විමසිල්ල මෙන්ම ඉවසිල්ලත් දෙවැනි වඩාත් හොඳින් හසුරුවාගත් දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා පිල ඉදිරියට ගෙන ආහ. සියල්ල ආරම්භ වූයේ දිවා ආහාරයෙන් පසුව මුස්ටෆිසුර් රෙහෙමාන් යැවූ පළමු ඕවරයේ අවසන් පන්දුවේදී කුසල් මෙන්ඩිස් දැවීයාමත්  සමගිනි.

කුසල්ගේ දැවීයාමට කළ ඉල්ලීම විනිසුරු අලීම් දාර් මහතා අනුමත නොකළ නමුත් විතීවි ක්‍රමවේදයේ සහයෝගයෙන් ශ්‍රී ලංකා අංක 3 පිතිකරුවා පිටියෙන් ඉවත් කරගැනීමට මුෂ්ෆිකුර් රහීම්ට හැකිවිය. එතැන් සිට පැයකට ආසන්න කාලයකදී යැවුණු ඕවර 14.2 කදී ඉදිරිපෙළ පිතිකරුවන් ලෙසින් කණ්ඩායමට එක්ව සිටි දිනේෂ් චන්දිමාල් (5), අසේල ගුණරත්න(7), ධනංජය ද සිල්වා (0) සහ නිරෝෂන් දික්වැල්ල (5) සිවුදෙනාම ආපසු ක්‍රීඩාගාරයට ගියහ. ඔවුන් සිවු දෙනාටම ලබාගත හැකිවූයේ ලකුණු 17 ක් පමණි. එම කාලය අතරතුරදී මුස්ටෆිසුර් රෙහෙමාන්ගේ පන්දු යැවීම සටහන් වූයේ 7-1-24-3 ක් ලෙසිනි.

 

(ඡායාරූප - ඉෂාන් සංජීව)

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.