TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

බංග්ලාදේශයට ඓතිහාසික ජයක්

දමින්ද විජේසූරිය Views 2545 19 March 2017 13:15

සියවැනි වැනි ටෙස්ට් තරගය සදානුස්මරණීය තරගයක් කරගත් බංග්ලාදේශ ක්‍රීඩකයෝ කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) නිමාවූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 4 ක විශිෂ්ට ජයක් ලබාගත්හ. ලකුණු 191 ක ඉලක්කයක් කරා ගිය බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 6 ක් දැවී සිය අරමුණ සාක්ෂාත් කරගත්තේය.

මෙම ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගාවලිය 1-1 ක් ලෙස සමකළ බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් මංගල ටෙස්ට් ජයග්‍රහණයටද හිමිකම් කීවේය.

ශ්‍රී ලංකාව - පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න - ඇ.මෙහෙදි හසන් ප.මුසටෆිසුර් 7
උපුල් තරංග - ඇ.සෞම්‍ය සාර්කර් ප.මෙහෙදි හසන් 11
කුසල් මෙන්ඩිස් - ස්ට.රහීම් ප.මෙහෙදි හසන් 5
දිනේෂ් චන්දිමාල් - මොසඩක් හොසේන් ප.මෙහෙදි හසන් 138
අසේල ගුණරත්න  - ක.මු.කළා ප.සුබෂිස් රෝයි 13
ධනංජය ද සිල්වා - ප.තයිජුල් ඉස්ලාම් 34
නිරෝෂන් දික්වැල්ල - ප.සකිබ් අල් හසන්  34
ඩිල්රුවන් පෙරේරා - ඇ.සෞම්‍යා සාර්කර් ප.මුස්ටෆිසුර් 9
රංගන හේරත් - ඇ.සෞම්‍ය සාර්කර් ප.සකිබ් අල් හසන් 25
සුරංග ලක්මාල් - ඇ.සෞම්‍ය සාර්කර් ප.සුබෂිස් රෝයි 35
ලක්ෂාන් සඳකැන් - නොදැවී  5
අතිරේක (නි.ල.-01, පා.ල.-13, ව-06, නිප-02, ) 22
එකතුව ඕවර 113.3 කදී සියලු දෙනා දැවී  338
කඩුලු වැටීම 
1-13(කරුණාරත්න), 2-24(මෙන්ඩිස්), 3-35(තරංග), 4-70(අසේල), 5-136(ධනංජය), 6-180(දික්වැල්ල), 7-195(ඩිල්රුවන්), 8-250(හේරත්), 9-305(චන්දිමාල්), 10-338(ලක්මාල්)
පන්දු යැවීම
මුස්ටෆිසුර් රෙහෙමාන් 21-6-50-2  
සුබෂිස් රෝයි 17.3-2-53-2  
මෙහෙදි හසන් 21-2-90-3  
තයිජුල් ඉස්ලාම් 17-2-40-1  
සකිබ් අල් හසන් 33-4-80-2  
මොසදික් හොසේන්  4-0-11-0    
බංග්ලාදේශය - පළමු ඉනිම 
ටමීම් ඉක්බාල් - ක.මු.කළා ප.හේරත් 49
සෞම්‍ය සාර්කර් - ප.සඳකැන් 61
ඉම්රුල් කේයිස් - ක.මු.කළා ප.සඳකැන් 34
සබ්බීර් රහමන් - ඇ.ධනංජය ප.ලක්මාල් 42
තයිජුල් ඉස්ලාම් - ක.මු.කළා ප.සඳකැන් 0
සකිබ් අල් හසන් - ඇ.චන්දිමාල් ප.සඳකැන්  116
මුෂ්ෆිකුර් රහීම් - ප.ලක්මාල් 52
මොසද්දික් හොසේන් - ස්ට.දික්වැල්ල ප.හේරත් 75
මෙහෙදි හසන් - ක.මු.කළා ප.හේරත් 24
මුස්ටෆිසුර් රෙහෙමාන් - ක.මු.කළා ප.හේරත් 0
සුබෂිස් රෝයි - නොදැවී  0
අතිරේක (නිල-04, පාල-08, ව.ප. -02) 14
එකතුව ඕවර 134.1 කදී සියලු දෙනා දැවී 467
කඩුලු වැටීම 
1-95(ටමීම් ඉක්බාල්), 2-130(සාර්කර්), 3-192(ඉම්රුල් කේයිස්), 4-192(තයිජුල් ඉස්ලාම්), 5-198(සබීර් රහමන්), 6-290(මුෂ්ෆිකුර් රහීම්), 7-421(සකිබ් අල් හසන්), 8-454(මෙහෙදි හසන්), 9-454(මුස්ටෆිසුර්), 10-467(මොසද්දික් හොසේන්)
පන්දු යැවීම 
සුරංග ලක්මාල් 25-3-90-2  
ඩිල්රුවන් පෙරේරා 33-5-100-0  
රංගන හේරත් 34.1-6-82-4  
අසේල ගුණරත්න  7-0-38-0  
ලක්ෂාන් සඳකැන් 33-2-140-4  
ධනංජය ද සිල්වා  2-0-05-0  
ශ්‍රී ලංකාව - දෙවැනි ඉනිම 
දිමුත් කරුණාරත්න - සෞම්‍ය සාර්කර් ප.සකිබ් අල් හසන් 126
උපුල් තරංග - ප.මෙහෙදි හසන් 26
කුසල් මෙන්ඩිස් - මුෂ්ෆිකුර් රහීම් ප.මුස්ටෆිසුර් 36
දිනේෂ් චන්දිමාල් -  මුෂ්ෆිකුර් රහීම් ප.මුස්ටෆිසුර් 5
අසේල ගුණරත්න - ක.මු.කළා ප.සකිබ් අල් හසන් 7
ධනංජය ද සිල්වා - ඇ.මුෂ්ෆිකුර් රහීම් ප.මුස්ටෆිසුර් 0
නිරෝෂන් දික්වැල්ල - ඇ.මුෂ්ෆිකුර් රහීම් ප.සකිබ් අල් හසන්  5
ඩිල්රුවන් පෙරේරා - දුවද්දී දැවී ගියා 50
රංගන හේරත් - ක.මු.කළා ප.තයිජුල් ඉස්ලාම් 9
සුරංග ලක්මාල්  - මොසඩක් හොසේන් ප.සකිබ් අල් හසන්  42
ලක්ෂාන් සඳකැන්  - නොදැවී 0
අතිරේක (නි.ල-04, පා.ල-08, ව.ප.-01) 13
එකතුව ඕවර 113.2 කදී සියලු දෙනා දැවී  319
කඩුලු වැටීම 
1-57(උපුල් තරංග), 2-143(කුසල්), 3-165(චන්දිමාල්), 4-176(අසේල), 5-177(ධනංජය), 6-190(දික්වැල්ල), 7-217(කරුණාරත්න), 8-238(හේරත්), 9-318(ඩිල්රුවන්), 10-319(ලක්මාල්)
පන්දු යැවීම
සුබෂිස් රෝයි 16-4-36-0  
මෙහෙදි හසන් 24-0-71-1  
මුසටෆිසුර් රෙහෙමාන් 23-3-78-3  
සකිබ් අල් හසන්  36.2-9-74-4  
මොසද්දික් හොසේන්  3-0-10-0  
තයිජුල් ඉස්ලාම්  11-1-38-1  
බංග්ලාදේශය -දෙවැනි ඉනිම 
ටමීම් ඉක්බාල් - ඇ.චන්දිමාල් ප.ඩිල්රුවන් 82
සෞම්‍ය සාර්කර් - ඇ.තරංග ප.හේරත් 10
ඉම්රුල් කේයිස් - ඇ.ගුණරත්න ප.හේරත් 0
සබීර් රහමන්  - ක.මු.කළා ප.ඩිල්රුවන්  41
සකිබ් අල් හසන්  - ප.ඩිල්රුවන් 15
මුෂ්ෆිකුර් රහීම් - නොදැවී  22
මොසද්දික් හොසේන්  - ඇ.දික්වැල්ල ප.හේරත් 13
මෙහෙදි හසන් - නොදැවී  2
අතිරේක (නි.ල - 04,පා.ල. -1,  ව -1 ) 6
එකතුව ඕවර 57.5 කදී කඩුලු 6 ක් දැවී 191
කඩුලු වැටීම 
1-22(සෞම්‍ය සාර්කර්), 2-22(ඉම්රුල් කේයිස්), 3-131(ටමීම් ඉක්බාල්), 4-143(ශබීර් රහමන්), 5-162 (සකිබ් අල් හසන්), 6-189(මොසද්දික් හොසේන්)
පන්දු යැවීම 
ඩිල්රුවන් පෙරේරා 22-1-593  
රංගන හේරත්  24.5-2-75-3  
ධනංජය ද සිල්වා 2-0-07-0  
ලක්ෂාන් සඳකැන්  6-1-34-0  
සුරංග ලක්මාල්  2-0-07-0  
අසේල ගුණරත්න  1-0-04-0  
ලෝකයේ ටෙස්ට් වරම් හිමි රටවල් අතුරින් තමන්ගේ 100 වැනි ටෙස්ට් තරගය ජයගෙන ඇත්තේ ඕස්ටේ්‍රලියාව, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය සහ බංග්ලාදේශය පමණි. නවසීලන්තයයේ 100 වැනි ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව අවසන් වී ඇති අතර සෙසු රටවල 100 වැනි ටෙස්ට් තරග පරාජය වී තිබේ.

ලකුණු 191 ක ඉලක්කයක් කරා යාමේ අරමුණ ඇතිව පිටියට පිවිසි බංග්ලාදේශ පිල වෙත පිට පිටම යැවූ පන්දු දෙකකින් කඩුලු දෙකක් බිම දැමීමට රංගන හේරත් සමත්වීමත් සමගම ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු දැල්විණ. දිවා ආහාරය වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 38 ක් ලබා සිටි බංග්ලාදේශ පිතිකරුවෝ දිවා ආහාරයෙන් පසුව සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රියාමාර්ගයක් අනුගමනය  කරමින් වේගයෙන් ලකුණු හඹා යාමට වන්හ. දිවා ආහාරයෙන් පසුව විනඩි 51 කදී ලකුණු 62 ක් ලබාගනිමින් ඔව්හු 100 වැනි ලකුණ පුවරුවට එක්කළහ.

තමන්ගේ සීමා ඉරෙන් ඉවතට ඇවිදින් දඟ පන්දු යවන්නන්ට නොබියව මුහුණ දුන් ටමීම් ඉක්බාල් සහ ශබීර් රහමන් දෙදෙනා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් එක්කළ ලකුණු 109 සඳහා ගතකළේ විනාඩි 107 ක් පමණි. මෙම සම්බන්ධතාව නිසා තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පිලෙන් ඈතට ඇදී ගියේය.

මේ අතරවාරයේදී ශ්‍රී ලංකා නායකයා තමන්ගේ සියලු උපක්‍රම භාවිතා කළ නමුත් දවාගැනීමේ අවස්ථා කිසිවක් ශ්‍රී ලංකා කණ්ඩායමට නොදීමට බංග්ලාදේශ පිතිකරුවෝ පරෙස්සම් වූහ.

සිවුවැනි දිනය වූ සෙනසුරාදා සවස ක්‍රීඩාව නිමා වන විට කඩුලු 8 කට ලකුණු 268 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිල තවදුරටත් ඉදිරියට තල්ලු කරගෙන ගිය සුරංග ලක්මාල් සහ ඩිල්රුවන් පෙරේරා 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා පිලේ වාසිය ලකුණු 180 න් එපිටට දැමූහ. මෙම සම්බන්ධතාව ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනකු බංග්ලාදේශ පිලට එරෙහිව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ හොඳම සම්බන්ධතාව වූ නමුත් තරගය ජයගැනීමට එයින් පිටිවහලක් නොලැබිණ.

විනාඩි 231 ක් තිස්සේ පන්දු 165 කට මුහුණ දුන් ඩිල්රුවන් පෙරේරාගේ අර්ධ ශතකය හතරේ පහර 6 කින් අලංකාර වූයේය. පන්දු රකින්නකුට නිසියාකාරව පන්දුව රැකගැනීමට නොහැකි වූ අවස්ථාවකින් ලකුණක් සොරාගැනීමට ගිය ඩිල්රුවන් පන්දු යවන්නාගේ අන්තයේදී දුවද්දී දැවී ගියේය. ඩිල්රුවන්ගේ දැවී යාමත් ශ්‍රී ලංකා ඉනිමේ අවසානයත් අතර තිබුණේ පන්දු 4 ක් පමණි.

ඩිල්රුවන්ට කදිම සහයෝගයක් දෙමින් සිටි සුරංග ලක්මාල් සහායක පිතිකරුවන් නැති නිසාදෝ අත දිගහැර ලකුණු සොයා යාමට ගත් උත්සාහයේදී ලෝන්ග් ඕෆ් ස්ථානයට උඩපන්දුවක් දෙමින් දැවී යන විට පන්දු 48 කින් ලකුණු 42 ක් ලබා සිටියේය.

 

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.