TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

මැතිව්ස්ට තුන්වැනි එක්දින තරගයත් අහිමි වෙයි

දමින්ද විජේසූරිය Views 1586 31 March 2017 14:32

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව කී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට තුන්වැනි එක්දින තරගයත් අහිමි වී තිබේ. මෙම තරගය හෙට (1 වැනිදා) කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පිලේ ක්‍රිකට් කළමණාකරු අසංක ගුරුසිංහ මහතා පැවසූවේ හෙට තරගය සඳහා නම්කර ඇත්තේ ක්‍රීඩකයන් 12 දෙනකු පමණක් බවත් ඇන්ජලෝ මැතිව්ස් ඊට ඇතුළත්ව නැති බවත්ය.

“විස්සයි-20 (බංග්ලාදේශයට එරෙහිව) පැවැත්වෙන තරග දෙකේදී වුණත් එයා සෙල්ලම් කරයිද කියලා හරියටම කියන්න බෑ. අපේ බලාපොරොත්තුව දෙවැනි විස්සයි-20 තරගයට හෝ ඇන්ජලෝව ගන්නයි” යයිද අද දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ගුරුසිංහ මහතා පැවසීය.

වැඩිදුරටත් කළ සොයාබැලීමකදී දැනගත හැකිවූයේ මැතිව්ස් පසුගිය සඳුදා නැවතත් පන්දු යැවීමේ පුහුණුවීම් ආරම්භ කළ නමුත් පාදයේ අහසුතාවක් ඇතිවීම නිසා පුහුණුවීම් අතර මග නතර කළ බවයි. මෙම ආබාධය හේතුවෙන් ඇතැම් විට අයි. පී. එල්. තරගාවලියේ පළමු තරග කිහිපයට සහභාගි වීමද සැක සහිත බව වාර්තා වේ.

අයි. පී. එල් තරගාවලියේදී ඇන්ජලෝ  මැතිව්ස් දිල්ලි ඩෙයාර්ඩෙවිල් පිල නියෝජනය කරයි.

පසුගිය ජනවාරි 22 වැනිදා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග්හිදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී පන්දුවට පහර දෙමින් සිටි මැතිව්ස්ගේ කලව පිටුපස මස්පිඬුව ඉරීයාම නිසා ඔහුට නැවතත් සියරට බලා පැමිණීමට සිදුවිය. එතැන් සිට දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදීත් ඉන් අනතුරුව ඕස්ටේ්‍රලියාවේදී පැවැති විස්සයි:20 තරගාවලියේදීත් මැතිව්ස් ක්‍රීඩා නොකළේය.

කලව පිටුපස ආබාධය නිසා බංග්ලාදේශ පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියටත් ක්‍රීඩා නොකළ මැතිව්ස් එක්දින තරගාලියේ තුන්වැනි තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියේය.

 

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.