TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

බංග්ලාදේශය වි20 තරගාවලියත් සමකරයි

. Views 1135 6 April 2017 21:07

ලකුණු 177 ක ඉලක්කයක් කරා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ කඩුලු 5 ක් පන්දු 32 ක් ඇතුළතදී බිම දැමූ බංග්ලාදේශ පන්දු යවන්නෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී ලකුණු 45 ක පහසු ජයක් වාර්තා කළහ.

බංග්ලාදේශය 
ඉම්රුල් කයිස් - දුවද්දී දැවී ගියා     36
සෞම්‍ය සර්කාර් - ඇ. සහ ප. ගුණරත්න  34
සබීර් රහමන් - ප. සංජය  19
සකීබ් අල් හසන් - ප. කුලසේකර  38
මොසදික් හොසේන් - තිසර පෙරේරා 17
මහමුදුල්ලා - නොදැවී  04
මුෂ්ෆිකුර් රහීම් - ප. මාලිංග  15
මෂ්රෆී මොර්ටාසා - ප. මාලිංග 00
මෙහෙදි හසන් - ක.මු.කළා ප. මාලිංග  00
මොහොමඩ් ශෆියුඩීන් - දුවද්දී දැවී ගියා  06
අතිරේක (පා-2, ව-5) 07
එකතුව ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී     176
කඩුලු වැටීම 
1-71 (සෞම්‍ය), 2-78 (ඉම්රුල්), 3-124 (සබීර්), 4-139 (සකීබ් අල් හසන් ), 5-152 (හොසේන්), 6-169 (මුෂ්ෆිකුර්), 7-169 (මොර්ටාසා), 8-169 (මෙහෙදි), 9-176 (ශෆියුඩීන්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයා
මුස්තාෆිසූර් රෙහෙමාන් 
පන්දු යැවීම
ලසිත් මාලිංග  4-0-34-3 ව-1
නුවන් කුලසේකර  4-0-30-1  
ඩිල්ෂාන් මුණවීර  2-0-22-0 ව-3
සංජය බණ්ඩාර 3-0-32-1 ව-1
අසේල ගුණරත්න 2-0-15-1  
සීකුගේ ප්‍රසන්න 2-0-17-0  
තිසර පෙරේරා 3-0-24-1  
ශ්‍රී ලංකාව 
කුසල් ජනිත් - ප. සකිබ් අල් හසන්  04
ඩිල්ෂාන් මුණවීර - ඇ. මහමුදුල්ලා ප. සකිබ් අල් හසන්  04
උපුල් තරංග - ඇ. මෙහෙදි ප. මහමුදුල්ලා  23
චාමර කපුගෙදර - ඇ. මෙහෙදි ප. මුස්තාෆිසූර්  50
අසේල ගුණරත්න - ඇ. හොසේන් ප. මුස්තාෆිසූර් 00
මිලින්ද සිරිවර්ධන - ඇ. සෞම්‍ය ප. මුස්තාෆිසූර් 00
තිසර පෙරේරා - ඇ. මුෂ්ෆිකුර් ප. සකිබ් අල් හසන්  27
සීකුගේ ප්‍රසන්න - ප. මොර්ටාසා 11
නුවන් කුලසේකර - නොදැවී  02
ලසිත් මාලිංග - ප. මුස්තාෆිසූර් 00
සංජය බණ්ඩාර - ඇ. මහමුදුල්ලා ප. ශෆියුඩීන් 06
අතිරේක (පා-2, ව-2) 04
එකතුව ඕවර 18 කදී සියලුදෙනා දැවී     131
කඩුලු වැටීම 
1-4 (කුසල්), 2-19 (මුණවීර), 3-40 (තරංග), 4-40 (ගුණරත්න), 5-40 (සිරිවර්ධන), 6-98 (තිසර), 7-119 (සීකුගේ), 8-123 (කපුගෙදර), 9-124 (මාලිංග), 10-131 (සංජය බණ්ඩාර)
පන්දු යැවීම
සකීබ් අල් හසන් 4-0-24-3 ව-1
මෂ්රෆී මොර්ටාසා 4-0-30-1  
මෙහෙදි හසන්  2-0-15-0  
මහමුදුල්ලා 2-0-15-1  
මුස්තාෆිසූර් රෙහෙමාන්  3-0-21-4 ව-1
මොහොමඩ් ශෆියුඩීන් 3-0-24-1  
ශ්‍රී ලංකා ඉනිම ලකුණු 131 කට සීමා කරමින් ලබාගත් මෙම ජයත් සමගින් තරග දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලියද 1-1 ක් ලෙසින් සමකළ බංග්ලාදේශය, මෙවර ශ්‍රී ලංකා සංචාරය ඉතාමත් සාර්ථකව අවසන් කළේ එකම තරගාවලියක් හෝ පරාජය නොවීමෙනි.

ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය ජයගනිමින් 1-1 ක් ලෙසින් තරගාවලිය සමකළ බංග්ලාදේශ කණ්ඩායම එක්දින තරගාවලියේ පළමු තරගය ජයගත් හෙයින් එම තරගාවලියද 1-1 ක් ලෙසින් සමකරගැනීමට සමත් වූයේය.

ආරම්භයේදීම වැටුණු අගාධයෙන් ශ්‍රී ලංකා පිලට ගොඩඒමක් නොවීය. චාමර කපුගෙදර සටන්කාමී අර්ධ ශතකයක් ලබාගත් නමුත් එය හුදෙකළා සටනක් විය.

0-1 ක් ලෙසින් පසුපසින් සිටියද අද තරගයේදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ඉම්රුල් කේයිස් (36) සහ සෞම්‍ය සාර්කර් (34) දෙදෙනා එක්ව පන්දු 39 කින් ලබාගත් ලකුණු 71 පදනම මත සිට බංග්ලාදේශ පිතිකරුවෝ ඉනිම ගොඩනැංවූහ. පන්දු 31 ක දී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 38 ක් ලබාගත් සකිබ් අල්හසන් බංග්ලාදේශ ඉනිමේ නැංගුරම විය.

තරගයේ 18 වැනි ඕවරය අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 166 ක් ලබා සිටි බංග්ලාදේශ කණ්ඩායම ඉතාමත් ප්‍රබල ස්ථානයක සිටියද ඔවුන් නැග සිටි පීඨිකාවෙන් බැස්සවූ ලසිත් මාලිංග පිට පිට පන්දු තුනකදී මුෂ්ෆිකුර් රහීම් (15), මෂ්රාෆි මෝර්ටසා(0) සහ මෙහෙදි හසන් (0) දවාලමින් ලබාගත් කඩුලු ත්‍රිත්වය හේතුවෙන් අවසන් ඕවර දෙකේදී බංග්ලාදේශ පිතිකරුවන්ගේ ලකුණු රැස්කිරීම ලකුණු 10 කට සීමා කෙරිණ.

විස්සයි:20 අන්තර්ජාතික තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ලෝකයේ පස්වැනි ක්‍රීඩකයාද වූ ලසිත් මාලිංග විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ සිටී. මේ වන විට තරග 67 කදී කඩුලු 89 ක් දවාගෙන සිටින ලසිත් මාලිංගට ඉදිරියෙන් පසුවන්නේ තරග 98 කදී කඩුලු 97 ක් දවාගත් පාකිස්තානයේ සහීඞ් අෆ්රීඩි පමණි.

බ්‍රෙට් ලී (ඕස්ට්‍රේලියාව), ජේකබ් ඕරම් (නවසීලන්තය), ටිම් සවුති (නවසීලන්තය) සහ තිසර පෙරේරා (ශ්‍රී ලංකාව) මීට පෙර විස්සයි-20 තරග වලදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පන්දු යවන්නෝ වෙති.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් 11 දෙනාම මෙම තරගයටත් යොදවා තිබිණ.

 

 

 

 

 

 

 

(ඡායාරූප - ප්‍රසාද් ආමේන්ද්‍ර)


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.