TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ගාල්ලට දැවැන්ත ජයක්

ශානුක අරවින්ද Views 2435 12 April 2017 14:25

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නගරාන්තර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ සී. සී. සී. ක්‍රීඩාංගණයේදී ඊයේ (11 වැනිදා) පැවැති තරගයකදී කොළඹ කණ්ඩායමට එරෙහිව 188 ක පහසු ජයක් අත්කර ගැනීමට ගාල්ල කණ්ඩායම සමත් විය.

ජග්‍රහණය සඳහා ලකුණු 303 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායමට ඕවර 26.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 114 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ මාලින්ද පුෂ්පකුමාර ලකුණු 29 කට කඩුලු 5 ක් දවාගනිමින් කොළඹ කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පුරෝගාමී විය.

ප්‍රබල පිතිකරුවන් පස් දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් පෙර දැවීයෑම කොළඹ කණ්ඩායමේ පරාජයට ප්‍රධානතම හේතුවක් විය. ඩිල්ෂාන් මුණවීර (8), ෂෙහාන් ජයසූරිය (0), ළහිරු තිරිමාන්න (4), දිනේෂ් චන්දිමාල් (4) සහ ඇන්ජලෝ පෙරේරා (6) එලෙස අඩු ලකුණු වලට දැවී ගිය ක්‍රීඩකයෝ වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අතර ගාල්ල කණ්ඩායම ඕවර 49 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 302 ක් ලබගත් අතර ගාල්ල ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ දසුන් ශානක පන්දු 95 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී 121 ක් රැස්කළේය.

දක්ෂ පිතිහරඹයක නිරත වූ දිමුත් කරුණාරත්න ලකුණු 86 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්ව ගියේය.


ගාල්ල කණ්ඩායම - ඕවර 49 කදී කඩුලු 4 ක් දැවී 302
(දසුන් ශානක නොදැවී 121, දිමුත් කරුණාරත්න 86, මිනෝද් භානුක 41, සදීර සමරවික්‍රම 20)

කොළඹ කණ්ඩායම - ඕවර 26.5 කදී සියලු දෙනා දැවී 114
(කිත්රුවන් විතානගේ 26, තිසර පෙරේරා 25, මාලින්ද පුෂ්පකුමාර 29/5, සුරංග ලක්මාල් 20/2)

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.