TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

දඹුල්ලට කඩුල්ලක තියුණු ජයක්

රොෂාන් ගුණරත්න Views 963 20 April 2017 19:02

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නගරාන්තර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති තරගයකදී ගාල්ල කණ්ඩායමට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත්විය.


ජයග්‍රහණය සදහා ලකුණු 251 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායම ඕවර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.


දඹුල්ල කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියාවූ හර්ෂ කුරේ ලකුණු 46 ක් ලබාගත්තේය.


චාමික කරුණාරත්න, චතුරංග ද සිල්වා, සිකුගේ ප්‍රසන්න සහ මාලින්ද පුෂ්පකුමාර කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත්විය.


කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවි ලකුණු 250 ක් රැස්කිරීමට සමත්වූ අතර චතුරංග ද සිල්වා (56) අර්ධ ශතකයක් ලබාගැනිමට සමත්විය.


මිලින්ද සිරිවර්ධන, ඩිල්රුවන් පෙරේරා සහ ළහිරු කුමාර කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත්වූහ.

 

ගාල්ල කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 250

(චතුරංග ද සිල්වා 56, සිකුගේ ප්‍රසන්න 46, සුරංග ලක්මාල් නොදැවී 33, උපුල් තරංග 26, චාමික කරුණාරත්න නොදැවී 24, දිමුත් කරුණාරත්න 24, මිලින්ද සිරිවර්ධන 18/2, ඩිල්රුවන් පෙරේරා 28/2, ළහිරු කුමාර 52/2)

 

දඹුල්ල කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 251

(හර්ෂ කුරේ 46, මිලින්ද සිරිවර්ධන 39, උදාර ජයසුන්දර 33, අශාන් ප්‍රියංජන් 33, ඩිල්රුවන් පෙරේරා 29, කුසල් මෙන්ඩිස් 21, චාමික කරුණාරත්න 23/2, චතුරංග ද සිල්වා 36/2, සිකුගේ ප්‍රසන්න 46/2, මාලින්ද පුෂ්පකුමාර 47/2)

 

 

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.