TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

කොළඹට ලකුණු 106 ක ජයක්

රොෂාන් ගුණරත්න Views 1130 20 April 2017 19:03

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නගරාන්තර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති තරගයකදී මහනුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 106 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ කණ්ඩායම සමත්විය.


ජයග්‍රහණය සදහා ලකුණු 289 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායමට ඕවර 38 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 182 ක් පමණි.


මහනුවර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියාවූ සචිත් පතිරණ පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර හයක් සමගින් ලකුණු 46 ක් රැස්කිරිමට සමත්වූ අතර වනිඳු හසරංග සහ සචිත්‍ර සේනානායක කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


හයවැනි කඩුල්ල සදහා පන්දු 82 කදි ලකුණු 74 ක සම්බන්ධතාවයක් පැවැත්විමට චාමර කපුගෙදර සහ සචිත් පතිරණ සමත්වූහ.


කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩාමය ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 288 ක් රැස්කිරීමට සමත්විය.


පළමු කඩුල්ල සදහා පන්දු 100 කදී ලකුණු 86 ක සම්බන්ධතාවයක් පැවැත්විමට ඩිල්ශාන් මුණවීර සහ ළහිරු තිරිමාන්න සමත්වූ අතර පස්වැනි කඩුල්ල සදහා පන්දු 90 කදී ලකුණු 103 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට දිනේෂ් චන්දිමාල් සහ වනිඳු හසරංග සමත්වූහ.


දිනේෂ් චන්දිමාල් පන්දු 77 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර පහක් සමගින් ලකුණු 76 ක් සහ ඩිල්ශාන් මුණවීර පන්දු 55 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර හයක් සමගින් ලකුණු 52 ක් රැස්කරමින් කොළඹ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූ අතර ළහිරු තිරිමාන්න (49) සහ වනිඳු හසරංග (49) අර්ධ ශතකයට ලකුණක් මෙපිටින් දැවී ගියේය.


නුවන් ප්‍රදීප් කඩුලු 3 ක් සහ චරිත් අසලංක කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

කොළඹ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 288

(දිනේෂ් චන්දිමාල් 76, ඩිල්ශාන් මුණවීර 52, ළහිරු තිරිමාන්න 49, වනිඳු හසරංග 49, නුවන් ප්‍රදීප් 56/3, චරිත් අසලංක 32/2)

 

මහනුවර කණ්ඩායම - ඕවර 38 කදී සියලුදෙනා දැවී ලකුණු 182

(සචිත් පතිරණ 46, චාමර කපුගෙදර 36, සඳුන් වීරක්කොඩි 29, වනිඳු හසරංග 37/3, සචිත්‍ර සේනානායක 39/3,  ඩිල්ශාන් මුණවීර 18/2)

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.