TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

සුරේෂ් රයිනා ගුජරාට් ලයන්ස් පිලට ජය ගෙනෙයි

. Views 631 21 April 2017 19:51

සුරේෂ් රයිනාගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ දහවැනි වරත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ කොල්කටාහිදී පැවැති 23 වන තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට ගුජරාට් ලයන්ස් පිල අද (21) සමත්විය. ජයග්‍රහණය සදහා ලකුණු 188 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් ලයන්ස් පිල ඕවර 18.2 කදි කඩුලු 6 ක් දැවී ඉලක්කය සපුරා ගැනිමට සමත්විය.


සුරේෂ් රයිනා පන්දු 46 කදි හයේ පහර හතරක් සහ හතරේ පහර නවයක් සමගින් ලකුණු 84 ක් රැස්කළ අතර රවින්ද්‍ර ජදේජා සමගින් එක්ව හයවැනි කඩුල්ල සදහා පන්දු 31 කදී ලකුණු 58 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සමත්විය.


වේගවත් ආරම්භයක් ලබාදෙමින් පළමු කඩුල්ල සදහා පන්දු 21 කදී ලකුණු 42 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ඒරන් ෆින්ච් (31) සහ බ්‍රෙන්ඩන් මැකලම් (33) සමත්වූහ. ඕවර 5 ක් අවසානයේදී වර්ෂාව ඇතිවිම හේතුවෙන් තරගය මිනිත්තු 30 ක පමණ කාළයක් නතර කිරීමට සිදුවුවද ඕවර අඩුවිමක් සිදු නොවීය.


පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 187 ක් රැස්කිරීමට සමත්විය.


වේගවත් ආරම්භයක් ලබාගත් සුනිල් නරේන් පන්දු 17 කදි හයේ පහරක් සහ හතරේ පහර නවයක් සමගින් ලකුණු 42 ක් රැස්කිරීමට සමත්විය. හතරේ පහර සහ හයේ පහර මගින් (0,4,0,0,4,4,4,0,4,4,4,0,4,4,6,0,අ) පමණක් ලකුණු ලබාගත් සුනිල් නරේන්ට ලකුණු ලබාගැනීමට නොහැකිවූයේ පන්දු හතකදී පමණි.


සුනිල් නරේන්ගේ දැවීයාමත් සමගින් පිටියට පිවිසි රොබින් උතප්පා නායක ගෞතම් ගාම්බීර් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සදහා පන්දු 49 කදි ලකුණු 69 ක සම්බන්ධතාවයක් ගොඩනැගු අතර තෙවැනි කඩුල්ල සදහා මනීෂ් පාන්ඬේ සමගින්ද පන්දු 41 කදී ලකුණු 55 ක සම්බන්දතාවයක් පැවැත්විමට සමත්විය.


රොබින් උතප්පා පන්දු 48 කට මුහුණදෙමින් හයේ පහර දෙකක් සහ හතරේ පහර අටක් සමගින් ලකුණු 72 ක් රැස්කරමින් කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වූයේය.


කාසියේ වාසිය ලැබූ ගුජරාට් ලයන්ස් පිලේ නායක සුරේෂ් රයිනා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

 

කොල්කටා නයිට් රයිඩර්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 187
(සුනිල් නරේන් 42, ගෞතම් ගාම්බීර් 33, රොබින් උතප්පා 72, මනීෂ් පාන්ඬේ 24)

 

ගුජරාට් ලයන්ස් - ඕවර 18.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 188
(ඒරන් ෆින්ච් 31, බ්‍රෙන්ඩන් මැකලම් 33, සුරේෂ් රයිනා 84, කුල්දීප් යාදව් 33/2, නේතන් කූල්ටර්නයිල් 41/2)

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.