TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ඕස්ට්‍රේලියානු යොවුන් පිලට කඩුලු 4 ක පහසු ජයක්

. Views 557 21 April 2017 19:56

සංචාරක ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ ඕස්ට්‍රේලියානු වයස 19 න් පහළ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ හෝබර්ට්හි කිංග්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (21) පැවැති සිවුවැනි තරගයෙන් ඕස්ට්‍රේලියානු යොවුන් පිල කඩුලු 4 කින් ජය ලැබීය.  ඕස්ට්‍රේලියානු පිල මෙම ජයග්‍රහණයත් සමඟ තරගයක් ඉතිරිව තිබියදී 3-1 ක් ලෙස තරගාවලියේ ජය තහවුරුකර ගැනීමට සමත්ව සිටියි.

ඕස්ට්‍රේලියානු යොවුන් පිතිකරුවෝ ලකුණු 164 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 45.4 කදී කඩුලු 6 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

ඕස්ට්‍රේලියානු පිලේ පළමු කඩුලු හතර ලකුණු 41 කට බිද වැටීමෙන් තරගය ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට ලැබුණු අවස්ථාව ලැබුණද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ග්‍රහණය ප්‍රමාණවත් නොවීය.  ඔස්ටින් වෝ (60) සහ මැතිව් ස්පූර්ස් (32) පස්වැනි කඩුල්ලට ලකුණු 58 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණයට ශක්තිමත් අඩිතාලම දැමූහ.

හරීන් බුද්ධිල (22/2) සහ නිපුන් රංසික (22/2) සාර්ථක පන්දු යවන්නන් බවට පත්වෙමින් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වූහ.

ජෙහාන් ඩැනියල් පන්දු 70 කදී ලකුණු 36 ක් රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

දෙපිල අතර පස්වැනි සහ අවසන් එක්දින තරගය අනිද්දා (23) හෝබාර්ට්හිදී පැවැත්වේ.  

 

ලකුණු පුවරුව

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල 
විශ්ව චතුරංග - ප. හැඞ්ලි 15
ලසිත් කෘස්පුල්ලේ - ක. මූ. කළා ප. එවන්ස්       05
හසිත බෝයගොඩ - ක. මූ. කළා ප. ස්පූර්ස් 02
කමිඳු මෙන්ඩිස් - ඇ. සන්ගහ ප. කැර්ලිස්ලි  07
ජෙහාන් ඩැනියල් - ඇ. මලඩායි ප. කැර්ලිස්ලි 36
ක්‍රිෂාන් ආරච්චිගේ - ප. එවන්ස්  29
අයන සිරිවර්ධන - ඇ. මලඩායි ප. එවන්ස් 00
රෂ්මික ඩිල්ෂාන් - නොදැවී   25
නිපුන් රංසික - නොදැවී   28
හරීන් බුද්ධිල - ඇ. එඞ්වඞ්ස් ප. පොපි 07
අතිරේක 09
එකතුව ඕවර 50 යේදී කඩුලු 8 ක් දැවී  163
පන්දුවට පහර නොදුන් පිතිකරු:
ප්‍රවීන් ජයවික්‍රම
කඩුලු වැටීම:
1-19(කෘස්පුල්ලේ), 2-23(චතුරංග), 3-28(බෝයගොඩ), 4-39(මෙන්ඩිස්), 5-101(ආරච්චිගේ), 6-101(සිරිවර්ධන) 7-107(ඩැනියල්), 8-148(රංසික)
පන්දු යැවීම:
රයන් හැඞ්ලි: 10-1-42-1, ෂාක් එවන්ස්: 10-2-30-4, මැතිව් ස්පූර්ස්: 7-2-16-1, ඉයන් කැර්ලිස්ලි: 8-2-18-2, පරම් උප්පාල්: 5-1-15-0, ජැක් එඞ්වඞ්ස්: 2-0-8-0, ඔස්ටින් වෝ: 8-0-33-0
ඕස්ට්‍රේලියා වයස 19 න් පහළ පිල 
ජැක් එඞ්වඞ්ස් - ක. මූ. කළා ප. ඩැනියල්          15
මැක්ස් බ්‍රයන්ට් - ප. ඩිල්ෂාන් 00
පරම් උප්පාල් - ඇ. බෝයගොඩ ප. රංසික  01
ජේසන් සන්ගහ - ඇ. බෝයගොඩ ප. රංසික  00
ඕස්ටින් වෝ - ඇ. ඩිල්ෂාන් ප. හරීන් 60
මැතිව් ස්පූර්ස් - ඇ. ඩිල්ෂාන් ප. හරීන්  32
ජොනතන් මෙර්රෛා් - නොදැවී  43
ලෙවින් මලඩායි - නොදැවී   05
අතිරේක 08
එකතුව ඕවර 45.4 කදී කඩුලු 6 ක් දැවී  164
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
ෂාක් එවන්ස්, රයන් හැඞ්ලි, ඉයන් කැර්ලිස්ල
කඩුලු වැටීම:
1-1(බ්‍රයන්ට්), 2-2(උප්පාල්), 3-2(සන්ගහ), 4-41(එඞ්වඞ්ස්), 5-99(ස්පූර්ස්), 6-140(වෝ)
පන්දු යැවීම:
රෂ්මික ඩිල්ෂාන්: 8-1-40-1, නිපුන් රංසික: 6-2-22-2, ප්‍රවීන් ජයවික්‍රම: 10-2-31-0, ජෙහාන් ඩැනියල්: 6.4-1-28-1, හරීන් බුද්ධිල: 10-3-22-2, හසිත බෝයගොඩ: 1-0-5-0, කමිඳු මෙන්ඩිස්: 4-0-12-0

- 048

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.