TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

මහනුවර පිල පෙරමුණේ

. Views 726 22 April 2017 16:21

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලබන නගරාන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග හයක් අවසන් වන විට ප්‍රසාද ලකුණු 8 ක් හිමිකරගත් මහනුවර කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනෙහි පෙරමුණ ගැනිමට සමත්ව සිටී. මහනුවර කණ්ඩායම තරග තුනකට සහභාගීවෙමින් ඉන් තරග දෙකක් ජයගත් අතර එක් තරගයක් පරාජයට පත්වී ඇත. ප්‍රසාද ලකුණු 7 ක් හිමිකරගත් කොළඹ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනෙහි දෙවෙනි ස්ථානයේ පසුවෙයි.

ශතකයක් සහ අර්ධ ශතකයක් ලබාගත් දඹුල්ල කණ්ඩායමේ හර්ෂ කුරේ තරග තුනකදී ලකුණු 249 ක් රැස්කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වී ඇති අතර දිනේෂ් චන්දිමාල් තරග තුනකදී ලකුණු 196 ක් ලබාගනිමින් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේය. දිනේෂ් චන්දිමාල් ලබාගත් ලකුණු 196 ට ශතකයක් සහ අර්ධ ශතකයක් ඇතුළත් වන්නේය.

ගාල්ල කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර තරග දෙකකදී කඩුලු හතක් දවාගනිමින් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට සමත්වූ අතර තරග තුනකදී කඩුලු හය බැගින් දවාගත් දඹුල්ල කණ්ඩායමේ ඩිල්රුවන් පෙරේරා සහ මහනුවර කණ්ඩායමේ ළහිරු ගමගේ වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ පසුවෙති.

දෙවැනි වටයේ තරග 22, 24 සහ 26 යන දිනයන් වලදී ආර්. ප්‍රේමදාස සහ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙන අතර සියලු තරග දිවා රාත්‍රි තරග ලෙස පැවැත්විමට කටයුතු යොදා ඇත.

 

කණ්ඩායම් තරග ජය පරාද ලකුණු සම ප්‍රසාද ලකුණු
මහනුවර 3 2 1 - 8
කොළඹ 3 1 1 1  7 
දඹුල්ල 3 1 1 1  6 
ගාල්ල 3 1 2 -   5 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.