TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

කොළඹට කඩුලු 3 ක ජයක්

රොෂාන් ගුණරත්න Views 2104 23 April 2017 00:16

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නගරාන්තර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති තරගයකදී ගාල්ල කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ කණ්ඩායම සමත්විය.


ජයග්‍රහණය සදහා ලකුණු 300 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායම ඕවර 49 කදී කඩුලු 7 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය. ඩිල්ශාන් මුණවීර පන්දු 54 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 86 ක් රැස්කළ අතර ඇන්ජලෝ ජයසිංහ පන්දු 99 කදි හතරේ පහර හතරක් සමගින් ලකුණු 70 ක් රැස්කළේය. පළමු කඩුල්ල සදහා පන්දු 79 කදී ලකුණු 104 ක සම්බන්ධතාවයක් පැවැත්විමටද ඩිල්ශාන් මුණවීර සහ ඇන්ජලෝ ජයසිංහ සමත්වූහ.


වේගවත් පිතිහරඹයක නිරතවෙමින් කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය තිසර පෙරේරා පන්දු 30 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර හතරක් සමගින් නොදැවී ලකුණු 42 ක් රැස්කිරීමට සමත්විය.


කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම නායක උපුල් තරංගගේ ශතකය හමුවේ ඕවර 50 අවසානයේදී කඩුලු නවයක් දැවී ලකුණු 299 ක් රැස්කිරීමට සමත්විය. උපුල් තරංග පන්දු 113 කදි හයේ පහරක් සහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 101 ක් රැස්කිරීමට සමත්විය.


දෙවැනි කඩුල්ල සදහා පන්දු 185 කදී ලකුණු 174 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට උපුල් තරංග සහ දිමුත් කරුණාරත්න සමත්වුහ. දිමුත් කරුණාරත්න පන්දු 84 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර හතක් සමගින් ලකුණු 78 ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා පන්දු 43 කදී හතරේ පහර හයක් සමගින් නොදැවී ලකුණු 52 ක් රැස්කිරීමට සමත් වූයේය.

 


ගාල්ල කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 299
(උපුල් තරංග 101, දිමුත් කරුණාරත්න 78, ධනංජය ද සිල්වා නොදැවී 52, දසුන් ශානක 25, විශ්ව ප්‍රනාන්දු 56/2)

කොළඹ කණ්ඩායම - ඕවර 49 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 301    
(ඩිල්ශාන් මුණවීර 86, ඇන්ජලෝ ජයසිංහ 70, කිත්රුවන් විතානගේ 27, ශෙහාන් ජයසූරිය 30, තිසර පෙරේරා නොදැවී 42, සිකුගේ ප්‍රසන්න 59/2, සුරංග ලක්මාල් 61/2)

 

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.