TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

අන්තර් සමාජ ශූරතාව ගුවන් හමුදාවට

Views 366 4 May 2017 20:54

අන්තර් සමාජ කාන්තා සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම සමත් විය. කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම්  ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී යුද හමුදා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ලකුණු 61 ක ජයක් අත්කර ගනිමින් ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ එම ශූරතාවට හිමිකම් කීහ.


ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්කයක් හඹාගිය යුද හමුදා ‘ඒ’ කණ්ඩායමට ඕවර 45.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 129 ක් පමණි. එහිදී යුද හමුදා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය වූ ලක්මාලි මෙත්තානන්ද ලකුණු 27 ක් ලබාගත් අතර චමරි පොල්ගම්පළ සහ චමරි අතපත්තු කඩුලු 2 බැගින් දවාගනිමින් යුද හමුදා කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දායක වූහ.


කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 190 ක් ලබාගත් අතර එහිදී අර්ධ ශතකයක් ලබාගැනීමට චමරි අතපත්තු (60) සමත් වූවාය.


ගුවන් හමුදා ‘ඒ’ පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 190

(චමරි අතපත්තු 60, යසෝදා මෙන්ඩිස් 41, ඩිලානි මනෝදරා 24, අමා කාංචනා නොදැවී 23, ඕෂදී රණසිංහ 21, සුගන්දිකා කුමාරි 3/21, ලක්මාලි මෙත්තානන්ද 2/38, නිලූකා කරුණාරත්න 2/39)


යුද හමුදා ‘ඒ’ පිල - ඕවර 45.4 කදී සියලු දෙනා දැවී 129

(ලක්මාලි මෙත්තානන්ද 27, චමරි පොල්ගම්පළ 2/13, චමරි අතපත්තු 2/28)

-036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.